Thursday, May 21, 2015



විධායක ජනාධිපති ධූරයේ බලතල සියයට 70කින් පමණ 19 නිසා අඩුවෙනවා -  
19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් විධායක ජනාධිපති ධුරයේ බලතල 60-75%කින් පමණ අඩු කොට ඇති බව ව්‍යවස්ථා කෙටුම්පත් මණ්ඩල ප‍්‍රධානී, ජනාධිපති උපදේශක, ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න මහතා පවසයි.
තම මතය අනුව නව සංශෝධනය තුළට ජනාධිපතිවරයා තීන්දු තීරණ ගැනීමේදීඅගමැතිගේ උපදෙස් පරිදියන සඳහන මගින් ජනමත විචාරණයක් නොමැතිව ව්‍යවස්ථාවේ තව දුරටත්  ඕනෑම සංශෝධනයක් සිදුකළ හැකි බව හෙතෙම පෙන්වා දුන්නේ ය.

එසේ නමුත් යම් හෙයකින් පූර්ණ වශයෙන් විධායක ජනපති ධුරය ඉවත් කිරීමේ අවශ්‍යතාව ඇති වුවහොත් පමණක් ජනමත විචාරණයක්
අවශ්‍ය වනු ඇති බව ඔහු රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (30) පැවැති මාධ්‍ය හමුවේදී කියා සිටියේ ය.

මෙහිදී 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙහි මූලික හා වැදගත් කරුණු කිහිපයක් පිළිබඳ පැහැදිලි කළ ව්‍යවස්ථා කෙටුම්පත් මණ්ඩල ප‍්‍රධානී, ජනාධිපති උපදේශක, ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න මහතා මෙසේ සඳහන් කළේ ය.

පසුගිය ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ ප‍්‍රකාශයේ මූලික කරුණු වූයේ විධායක බලතල සීමා කෙරෙන ජනාධිපතිවරයෙක් බිහිකිරීම, අමාත්‍ය මණ්ඩලයට වඩා පාර්ලිමේන්තුවට වගකියන ජනාධිපතිවරයෙක් බිහිකිරීම යන කරුණුයි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී සම්මත කරගැනීම සඳහා අවශ්‍ය තුනෙන් දෙකේ බලය ලබාගැනීමට විපක්ෂයේ සහය ලබාගන්නට සිදුවුණා. එ් නිසා විපක්ෂය විසින් ගෙන ආ සංශෝධනවලට එකඟවීමටත් සිදුවුණා. සම්මත වූ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ වැදගත් කරුණු ගණනාවක් ඉටු වී තිබෙනවා.

තොරතුරු ලබාගැනීමේ අයිතිය පිළිබඳ අපි මැතිවරණ සමයේදී කිව්වේ පනතක් ගේනවා කියලා විතරයි. නමුත් දැන් එය මූලික අයිතිවාසිකමක් ලෙස ස්ථාපිත කළා. ජනාධිපතිවරයා සේනාධිනායකයා, විධායකයේ ප‍්‍රධානියා, අමාත්‍ය මණ්ඩල ප‍්‍රධානියා ලෙස සිටිමින් පාර්ලිමේන්තුවට වගකියනවා පමණක් නොව පාර්ලිමේන්තුවට උත්තර දීමට බැඳී සිටිනවා. ජනාධිපතිවරයාගේ ධුර කාලය අවුරුදු 5යි තනි කැමැත්තට පාර්ලිමේන්තුව විසුරුවා හරින්න ජනාධිපතිවරයාට 19ට අනුව බෑ. පාර්ලිමේන්තුව විසුරුවීමට නම් ජනාධිපති ධුර කාලයේ අවුරුදු 4 හමාරක් ගෙවුණු පසුව තුනෙන් දෙකේ බලය ඇතිව යෝජනා සම්මතයකින් පමණයි එය කළ හැක්කේ. 19 යටතේ ජනාධිපතිවරයාගේ මුක්තිය සීමා කර තිබෙනවා. එ් අනුව ජනාධිපතිවරයා සම්බන්ධව නඩුවක් පැවරීම ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනුකිරීමෙන් ඉටුකර ගත හැකියි. එ් සඳහා ජනාධිපතිවරයා නියෝජනය කරමින් නීතිපතිවරයා පෙනී සිටිනවා.

ජනාධිපතිවරයා අගමැති පත්කරන්නේ සිය මතය පරිදි පාර්ලිමේන්තුවේ වැඩිපුර විශ්වාසය දිනාගත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයායි. මෙහිදී අගමැතිවරයා සුළු පක්ෂයකින් වුවද පත්වීමේ ඉඩකඩ පවතිනවා. මීට පෙර තිබුණේ අගමැති පත්කිරීම මෙන්ම ඉවත් කිරීමේ බලතල තිබුණේ ජනාධිපතිවරයාටයි. 19ට අනුව අගමැතිවරයා ඉවත් කිරීමට නම් පාර්ලිමේන්තුවේ සරල බහුතරයෙන් යෝජනාවක් සම්මත විය යුතුයි. ජනපතිට අගමැති ඉවත් කරන්න දැන් බෑ. අගමැතිවරයාට ඉල්ලා අස්වීමේ හැකියාව පවතිනවා. ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය පරාජය වුවහොත් අගමැති ඇතුළු ඇමැති මණ්ඩලය ඉවත් විය යුතුයි.

ජනාධිපතිවරයා විසින් ඇමැතිවරු පත්කිරීම කරනුයේ අගමැතිවරයාගේ උපදෙස් පරිදිවීමත් නව ව්‍යවස්ථා සංශෝධනයේ හොඳ දෙයක්. ඇමැති විෂය කාර්ය තීරණය කිරීම අගමැති සමග සාකච්ඡුාවෙන් පසු ජනපතිට කළ හැකියි. අමාත්‍ය මණ්ඩලයේ උපරිමය 30කට සීමා කිරීම, රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරුන් සංඛ්‍යාව 40ට සීමා කිරීමත් 19 දී සංශෝධනය වූ කරුණක්. ඊළඟ පාර්ලිමේන්තු කාලය තුළදී පාර්ලිමේන්තුවේ විශාල පක්ෂ දෙක එකතුවී ජාතික ආණ්ඩුවක් හැදුවොත් ඇමැතිවරු සංඛ්‍යාව වැඩිකරගත හැකියි. රජයට එරෙහිව විශ්වාංස භංගයක් පැරදීම, අයවැය පරාජය කිරීම වැනි කරුණුවලදී අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය ඉවත් වෙනවා.

ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සභාව පත්කිරීමේදී නිල බලයෙන් පත්වනුයේ කතානායක, අගමැතිවරයා හා විපක්ෂ නායකවරයායි. තවත් 5 දෙනකු සුළු පක්ෂවලින් දේශපාලන කණ්ඩායම්වලින් විමසා පත්කෙරෙන අතර, ජනපති නම් කළ එක් අයකු මෙහිදී පත්කෙරෙනවා. එමෙන්ම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 3 දෙනකු හා පිටතින් 7 දෙනකු පත්කෙරෙන නමුත් විපක්ෂයේ බලපෑම මත පාර්ලිමේන්තුවෙන් 7 දෙනකු හා පිටතින් 3 දෙනකු පත්කිරීම දක්වා අකැමැත්තෙන් සංශෝධනය කිරීමට සිදුවුණා.

කොමිෂන් සභා 12ක් පත්කෙරෙන අතර ජාතික ප‍්‍රසම්පාදන කොමිසම පත්කිරීම මෙහිදී වැදගත් තීරණයක්. එ් අනුව පසුගිය කාලයේ වූවා සේ ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව මහා පරිමාණයේ ව්‍යාපෘති සිදුකෙරෙන්නට ඉඩක් නෑ. නව ව්‍යවස්ථා සංශෝධනය මගින් ද්විත්ව පුරවැසිභාවය හිමි අයකුට පාර්ලිමේන්තු මැතිවරණයකට අපේක්ෂකයකු වීමේ හැකියාවක් නැහැ. මෙතෙක් කලක් පැවැතියේ අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළහොත් පමණක් කි‍්‍රයාත්මක වී විමර්ශනයට හැකියාව ලැබීමයි. නමුත් 19ට අනුව පැමිණිල්ලක් නොමැතිව අල්ලස් කොමිසමට ලැබෙන තොරතුරක් මත හෝ චෝදනා විමර්ශනයට හැකියාව පවතිනවා.

No comments:

Post a Comment