Monday, April 22, 2013

වම හා දකුණ(වාමාංශික හා දක්ෂිණාංශික)

ලංකාවේ දේශපාලන ක්‍රමය තුළ ජනතා පරමාධිපත්‍යය ප්‍රධාන පිල් දෙකකට බෙදී ඇණ කොටා ගනියි.එනම්
වම හා දකුණ(වාමාංශික හා දක්ෂිණාංශික)වශයෙනි.


දේශපාලකයන් අතරද වාමාංසික අය සිටී.නමුත් වාසු දේව නානායක්කාර වැන්නවුන් පමණක් ඒ අතර ඉතිරිවී තිබේ.
ජේ .වී .පී නායකයන්ද වාමාංසිකය.නමුත් ඔවුන්ටද එය නොතේරෙන
සෙයක් පෙනෙන්නට තිබේ.
දක්ෂිනාංසික පක්ෂ අතර යු.එන්.පී  ය ප්‍රධානම පක්ෂය වේ.
•●●•٠·˙˙·٠•●●•٠·˙˙·٠•●●•٠·˙˙·٠•●●•٠·˙˙·٠•●●•
එය ධනවාදී ආර්ථිකය (විවෘත ආර්ථිකය) අනුමත කරයි.
නමුත් බොහෝ දෙනා ගමේ ගොඩේදී දේශපාලනය ගැන කතාකරන්නේ මේ වම හා දකුණ ගැන නොදැනය.


ඒ නිසා ඒ පිළිබද න්‍යායාත්මක විමසුමක් ගෙනහැර දක්වමි.(වම හා දකුණ යනු දේශපාලන මතවාද අනුව වන බෙදීමක් මිස ලංකාවේ ප්‍රෙදේශ අනුව වන බෙදීමක් නොවේ)
 
න්‍යායාත්මකව කමියුනිස්ට් වාදීන්ගේ එකම උත්සාහය වන්නේ පෞද්ගලික දේපල අයිතිය නැතිකර දැමීමයි.මාක්ස්ට අනුව ධනවාදී අවස්ථාවේදී සිළුව්‍යසනයකටම හේතු වන්නේ පෞද්ගලික දේපල අයිතියයි.ධනපතියෙකු  ධනපතියෙකු වන්නේ ඔහුගේ පෞද්ගලික වරදක් නිසා නොවේ.

ඔහු ධනපතියෙකු වන්නේ ඔහු හට ධනය ඇති බැවිනි.එම ධනය මූල ධනය නොහොත් ප්‍රාග් ධනය ලෙසද දැක්විය හැකිය.
•●●•٠·˙˙·٠•●●•٠·˙˙·٠•●●•٠·˙˙·٠•●●•٠·˙˙·٠•●●•
කම් කරුවෙකු කම් කරුවෙකු වන්නේ ඔහු සතුව ප්‍රාග් ධනය නැති නිසාවෙනි.(ධනය හිමිකම කම්කරුවෙකුට වුවද යම් යම් මට්ටමින් තිබිය හැක.)මෙසේ මාක්ස් ට අනුව සමාජය කොටස් දෙකකට බෙදා ඇත්තේ පෞද්ගලික දේපල හිමිකම මතය.

මේඅනුව මනාව පැහැදිළිවන කරුණක් වන්නේ.වාමාංසිකයන්ගේ උත්සාහය වන්නේ එකම එක දෙයක් කිරීමටයි.එනම පෞද්ගලික දේපල අයිතිය නැති කිරීමයි.විප්ලවය සිදුකොට සියළු දේපල රාජසන්තක කල විට (රජයසතු)පෞද්ගලික දේපල අයිතිය නැතිවී යයි.

මේ අනුව බලන විටදී අප රටේ වාමාංසිකයින් වමේ පුද්ගලයන් යැයි කියා ගන්නා අය කවුරුන්ද යන්න ගැන ප්‍රශ්නයක් මතුවේ.

ඉහත දැක්වූ පරිදි පැහැදිළවම පෙනී යන්නේ වාමාංසිකයන්නේ මූලික න්‍යාය රාජ්‍ය සතුව බවයි.(රජයට සියළුදේ පවරා දීම)සියළු ප්‍රශ්න විසදිය හැකි එකම පිළිවෙල රජසතු කිරීම බව ඔවුහු එකහෙළා පිළිගනිති.

එනම් රජසතුවක් නැත්නම් වාමාංසික ව්‍යාපාරයකුත් නොමැත.

එය එසේ වන නමුත් ලංකාවේ වාමාංසික යැයි කියන අය කතා කරන්නේ ජනසතුවක් පිළිබදව නොවේද?

එසේ නම් කීමට ඇත්තේ මෙරට දේශපාලකයින් මෙන්ම ජනතාවත් දේශපාලන සංකල්ප හොදටම අනාගෙන ඇති බවයි.

එසේනම් දක්ශිනංසිකයන්ගේ(වාමාංසික නොවන) න්‍යාය කුමක්ද?

එය තමා ජනසතුව.

එනම් සියළු දේපල රජයේ ග්‍රහනයෙන් මුදවාගෙන ජනතාව අතට පවරා දීමයි.

ජනසතු ව යනු ජනතාවට පවරාදීම මිස රජයට පවරා ගැනීම නොවේ.

රජය හා ජනතාව යනු එකක් නොවේ.රජය යනු ජනතාවද නොවේ.

එසේවන නමුත් ලංකාවේ දක්ශිනාංසික යැයි කියන අය කතා කරන්නේ අධිරාජ්‍ය වාදී බලවේගවලට පක්ෂවය.
•●●•٠·˙˙·٠•●●•٠·˙˙·٠•●●•٠·˙˙·٠•●●•٠·˙˙·٠•●●•
එක්සත් ජාතික පක්ෂයේ අය දක්ශීනාංසිකයින්ය.නමුත් ඔවුන් කතාකරන්නේ  වාමාංසිකයින් කතා කලයුතු දෙය නොවේද?

මෙසේ බලනවිට ලංකාවේ දේශපාලන භූමිකාව තුළ මුලිකම සංකල්පයක් වන වම හා දකුණ ද මාරුවී ඇති අවුල් ජාලයක් යැයි මට සිතේ.

දේශපාලනමය සංකල්පයක් ලෙස වම හා දකුණ අතර වෙනස පහත සදහන් අයුරින් අවබෝධ කර ගැනීම වැදගත් බව මම තරයේ විශ්වාස කරමි.

වම(වාමාංසික.)
දකුණ(දක්ශිනාංසික)
පෞද්ගලික දේපල හිමිකම් නැත.
පෞද්ගලික දේපල හිමිකම් ඇත.
රජය සතු දේපල ක්‍රමය.
ජනසතු හෙවත් ජනතාව සතු දේපල ක්‍රමය.
රාජ්‍ය මූලධන වාදය.
මහජන මූලධන වාදය.
රජයේ ආර්ථිකය.(මධ්‍යගතය)
නිදහස් ආර්ථිකය.(විවෘතය)
සැලසුම් කිරීම රජයෙන්.
සැලසුම් කිරීම ජනතාවගෙන්.
රජයේ පාලනය.
ජනතාවගේ පාලනය.
සම්පූර්ණයෙන් රජයේ රැකියා.
බොහෝ දුරට නිදහස් රැකියා.
රජ(රාජ්‍ය) සම්මුති වාදය.
ජන සම්මුති වාදය.

No comments:

Post a Comment