Tuesday, August 27, 2013

සීගිරිය යනු කාෂ්‍යපගේ නිර්මාණයක් නොවේ.

සීගිරිය යනු ලංකාවේ තිබෙන සුවිශේෂී ඓතිහාසික මෙන්ම පුරාවිද්‍යාත්මක අතින්ද අතිශය වැදගත් ස්ථානයක් බව එකහෙලා ප්‍රකාශකල හැකිය.

නමුත් බොහෝ අය සිතාගෙන සිටින සීගිරිය සම්බන්ධ ඉතිහාස කතාව ගොතන ලද බොරුවක් බව තාර්කකිකව බලන වට පෙනෙයි.ඉපැරණි පුරාවෘත්තයක් අනුවද සීගිරිය යනු මහා රාවණ රජුගේ ආලකමන්දාව ලෙස හදුන්වයි.(නිශ්චිත සාක්ෂි නොමැත)
ඒ කෙසේ වෙතත් සීගිරිය නිර්මාණය කලේ කාෂ්‍යප රජු නොවන බවට කරුනු රාශියක් දැක්විය හැකිය.
කාෂ්‍යප වූ කලී ලක් ඉතිහාසයට අනුව පීතෘ ඝාතක රජෙකි.ශ්‍රේෂ්ඨ රජෙකුවූ ධාතුසේන රජතුමා සිටුවා පස්ගසා මරාදමන ලද්දේ කාෂ්‍යප විසිනි.
එවන් කුරිරු සිතක් ඇති රජෙකු සීගිරි බිතු සිතුවම් නිර්මාණය කිරීමටත් පරිසරය අලංකරනය කිරීමටත් සෞන්දර්ය අගය කරනුලබන්නෙකු වීමටත් කෙසේනම් හැකි වේද?

මේනිසාම මෙම චිත්‍ර හා සීගිරි සැලසුම කාෂ්‍යප රජුගේ
නිර්මාණයක් නොවන බව කිවහැකිය.
එසේම ඔහු සීගිරියට පැමිණෙන්නේ තම සොයුරු මුගලන් කුමරු සිය පියා මැරූ පලිය තමන්ගෙන් ගැනීමට පැමිණෙනනිසා එයට ඇති බියෙනි.තම පණ රැකගැනීමට ඇති අවශ්‍යතාව නිසාය.

එවන් තත්ත්වයකදී ඔහුවිසින් සුන්දර චිත්‍ර නිර්මාණය කිරීමට ,සුන්දර සීගිරි උද්‍යානය තැනීමට තරම් කල් ගතකරාවිද?කොහෙත්ම නැත.

කාෂ්‍යපට අවෂ්‍යවූයේ හැකි ඉක්මනින් සැගවීමට විනා සෞන්දර්ය රසාස්වාදයත් සුඛවිහරණයත් සදහා සුන්දර මාලිගාවක් තැනමට නොවේ.

මෙසේ පැහැදිලි වන්නේ ඒවන විටත් සීගිරිය හා එහි මාලිගය වාසය කිරීමට තරම් සුදුසු තත්ත්වයකින් තිබුනුබව නොවේද?

(අද පවා කාට හෝ පලා යාමට හෝ සැගවීමට අවශ්‍ය වූ විටෙක කරන්නේත් එසේම කලයුතුව ඇත්තේත් සාදාඇති නිවසක් සොයාගැනීම මිස ඉඩමක් මිළදීගෙන නව නිවසක් තැනීමද?) 

එනිසා සීගිරිය කාෂ්‍යපගේම නිර්මාණයක් නොවන බව කිව නොහැක්කේ මන්ද?
එසේම සීගිරිය යනු පෙනෙන තරම් මහා පුදුමයක් නොවන බවද කිවයුතුමය.සීගිරි රාජධානිය ලෙස බොහෝදෙනා ව්‍යවහාර කරතත් ඉතිහාසයේ කිසිම තැනෙක සීගිරිය රාජධානියක් ලෙස සදහන් නොවේ.අනුරාධපුරයෙන් පසු එකල රාජධානිය මාරුවූයේ පොළොන්නරුවටයි.එබැවින් සීගිරිය යනු කාෂ්‍යප රජු සැගවීසිටීමට භාවිතකල එක් ස්ථානයක් පමණි.(එසේනම් වලගම්බා රජු සැගවී සිට් ස්ථානත් රාජධානි ලෙස සැලකිය යුතුව ඇත)

තවද කැටපත්(කැඩපත්)පවුර නූතනයේ සීගිරි පර්වතයේ මුදුනට තරමක් පහලින් හා පොළොව මට්ටමේ සිට අඩි දෙසියයක් පමණ ඉහලින් පිහිටා තිබේ.එයින් පෙනීයන්නේ සීගිරිය නිර්මාණය කරන අවධියේ පොළොව මට්ටම කැටපත් පවුර තිබෙන මට්ටම බවයි.එනම් යම් ස්ථානයක් ආරක්ෂාවට පවුරක් බදින්නේ පොළොව මට්ටමටයි.

මෙයින් පැහැදිලි වන්නේ අප අද දකින තරම් විශාල උසකින් එකල සීගිරිය නොතිබූ බවයි.දැනුදු අපට කැටපත් පවුරට පහලින් පෙනෙන්නට ඇත්තේ පර්වතයේ මුහුනත නොව පොළොව තිබූ පස් තට්ටුව නොවේද?(වසර දහස් ගනනක් තිස්සේ පස සේදී ගොස් ඇත)
මේඅනුව සීගිරිය යනු මහා අරුමයක් නොවන බව නොපෙනේද?

එසේම සීගිරිය යනු ස්වභාවික පර්වතයකි.එහි මුදුනේ මාළිගාවක් සාදා ඇතිබව නම් සැබෑය.

නමුත් අනුරාධපුර හා පොළොන්නරු යුගවල නටඹුන් අතරින් හමුවන රජමාළිගා හා සසදන විටදී මෙහි ඇති මාළිගය කෙතරම් සුළු නිර්මාණයක්ද යනුවෙන් සිතේ.


සීගිරි පර්වතයත් කාෂ්‍යප රජුගේම නිර්මාණයක් නම් පුදුම විය යුතුව ඇත.නමුත් පර්වතය සෑදී ඇත්තේ ස්වාභාවිකවය.ස්වභාවිකව සැදුනු පර්වතයක් මුදුනේ කුඩා මාළිගයක් ඉදිකිරීම කවර නම් පුදුමයක් දැයි මටනම් සිතේ.

No comments:

Post a Comment