Sunday, August 25, 2013

උපමා රූපක අතරේ සැගවුනු අමූලික බොරුව.

(http://janakaedu.blogspot.com/2013/08/blog-post_18.html) හි සදහන් ලිපියේ කමෙන්ට් එක ලෙස මා ලියන ලිපියයි.
උපමා රූපක සම්බන්ධයෙන් ඔබගේ සම්ප්‍රදායික අදහසට නොබැන සිටින්නේ ඉතාම අපහසුවෙන් බව කියමි.උපමාවකදී යමක් තවත් දෙයක් වැනි යැයි දක්වන අතර රූපකයකදී යමක් තවත් දෙයක් හා එකහෙළාම සමාන යැයි දක්වනු ලබයි.
ඔබගේද අදහස අනුව මුව පියුම,සද වත(රූපක) ආදී ලෙස යෙදේ.එසේ ඔබ දක්වා ඇති පරිදි මුව(කට,මුඛය,මුහුණ) පියුමකි.එසේම සද වත යනු සදත් මුහුණත් එකක්ම බවයි.වත සද යනුවෙන්ද අර්ථවත් වන්නේ එයමයි.(මෙවා මමත් හොදටම නැත්නම් ඊටත් වඩා හොදට දනිමි)

නමුත් ගැටළුව ඇත්තේ මෙම සම්ප්‍රදායන් තුළ අර්ථ විරහිත බවය.එනම් මේවා කාව්‍ය කරණයට හා ගීත කරණයට පහසු මග සැලසීමේ(ෂෝට් කට් වල)හොර මගඩියේ ප්‍රථිඵලක්
ලෙසයි මට හැගෙන්නේ.

ඒ අනුව මටනම් උපමා අනවෂ්‍යය.රූපකත් අනවෂ්‍යය.මේවා සියල්ල බොරු වැඩය.බොරුව පාඩම්කර ප්‍රගුණකර විභාගවලට මුහුන දීම උගත්කමක් වුවත් බුද්ධිමත් කම යනු යථාර්තය ගැන ලබන මනා අවබෝධයයි.
ගණිතය විෂයයේ බහුලව භාවිතාවන පහත සදහන් සංකල්පය ඇසුරින් මම ඔබට මෙහි ඇති බොරුව තරමක් හෝ පැහැදිලි කර දීමට උත්සාහ කරමි.

A=B   නම්    B=C   නම් අවසාන නිගමනය ලෙස   A=C ලෙස කිව හැකිය. (මෙය තර්ක ක්‍රමයක්ද වේ)

එය දන්නා සිංහලයෙන් පහත පරිදි සකසමි(convert කරමි)

A යන්න B ට උපමා කර ඇත. B යන්න C ට උපමා කර ඇත.එනිසා අවසානයේ C යනු A යන්නට කදිම උපමාවක් බව නිගමනය කල හැක.(අතිශයින්ම තාර්කිකය)

ඒ අනුව බලන විට A යන්න   B ට උපමාවක් නම් B  යන්න  A ට ද උපමාවකි.එසේම B යන්න  C ට උපමාවක් නම්  C  යනු  B  ට ද  උපමාවකි.එසේම A  යන්න  C ට උපමාවක් නම් C  යන්න   A  ට ද  උපමාවකි.එසේනම් තවද (නිගමනයට අනුව) A  යන්න   C  ට ද  උපමාවකි.මෙසේ දිගින් දිගටම තර්ක කළොත් එය එකම පිස්සුවක් නේද?

A,B,C යනුවෙන් අකුරු තුනක් ඇත්තේ ද ඒවාටම සුවිශේෂී වූ වෙනම ලක්ෂණ මෙන්ම වෙනම ස්ථානද ඇතිනිසාම නොවේද?
සාම්ප්‍රදායික උපමා කලාව තුළ මේ අකුරු තුනම එකක් සේ පෙනේ.
එසේම මුහුන සදක් නම් සද මුහුනක්ද?මුව නෙළුමක් නම් නෙළුම යනු කටක් ද?(තේරුනාද?නැත්නම් අවුල්ද?)
(පුලුවන් තරම් කෙටියෙන් තමා පැහැදිළි කලේ.)
වැඩිදුර අවබෝධය සදහා කසුන් කල්හාරයන්ගේ *සද සද වගෙයි  තරු තරු වගෙයි* ගීතය අසන්න.(ඒකේ ලින්ක් එක http://www.youtube.com/watch?v=Gv04-F5iXJQ)
(කමෙන්ට් වලදී තව ඕනනම් පැහැදිලි කරගත හැකියි)

(*A=B යන්නේ   = ලකුණ තුළින් එය උපමාවක්, රූපයක් යන අර්ථ දෙකම ගෙනදෙයි*)

2 comments:

  1. **ඒ අනුව මටනම් උපමා අනවශ්‍යය. රූපකත් අනවශ්‍යය.මේවා සියල්ල බොරු වැඩය.බොරුව පාඩම්කර ප්‍රගුණකර විභාගවලට මුහුන දීම උගත්කමක් වුවත් බුද්ධිමත් කම යනු යථාර්තය ගැන ලබන මනා අවබෝධයයි.**
    යන්නෙන් ඔබ පවසන්නේ ලෝක සාහිත්‍ය පෝෂණය කිරීමෙහි ලා මහා මෙහෙවරක් කළ කරන උසස් සාහිත්‍ය ධරයන් ස්වකීය නිර්මාණ හාරහා බොරු වැඩක් කර ඇති බව ද?
    " කියත එක් පළඟක්
    තැ නෙක් හි වු යම්සේ
    උවම් නමෙ'හි විතර
    නියර කියනෙම් හෙ මෙසේ "
    "යථා කතඤ්චිත් සාදෘශ්යංව
    යත් රොද්භූතං ප්ර තීයතෙ
    උපමා නාම සා තස්යඃස
    ප්රාපඤ්චෝයං නිදර්ශයතෙ"
    යන සංස්කෘතික ස්ලෝකයන්ගෙන් කියැවෙන්නේ උපමා යනු මොනවාද යන්නයි. මෙවන් මා හැඟි ප්‍රකාශයන් ඔබට අනුව නම් පම්ප්‍රප්ප්‍රලාප ය.

    සිසි වන වුවන ඉඟ සුඟ ගතහැකි මිටි න
    නිසි පුළුලූකුළ රිය සක'යුරු තිසර ත න
    දිසි රන ලියෙ'ව් රූසිරි යුත් මෙපුරඟ න
    ඇසිපිය හෙලන පමණින් නොවෙති දෙවඟන

    මෙම මහඟු කවියේ එන උපමා භාවිතය අර්ථවිරහිත හුදු ප්‍රලාපයක් බවද ඔබ පවසන්නේ......
    පී.බී. අල්විස් පෙරේරා කවියාගේ එවන් නවමු උපමා වාචකයක් පෙන්වන මෙම කවියද ප්‍රලාපයක් විය හැකිය.

    සමන් මලිගේ පියයුරු දැක නැවත හැරී
    තබන් නෙමි අලූත් උවමක් කොහොම හරී
    පැලෙන්නට ඉතා ළං වුණ සුළං පිරී
    ජපන් බැලූම් යුගලෙක යනු නොවෙද සරී
    (සියළු දේ අමතක කොට මෙම කවිය ඔබේ ඊලඟ කමෙන්ටුව නොවනු ඇතැයි සිතමි)
    උපමාව මගින් සමාන කිරිමක් පමණක් නොවේ සිදුවන්නේ............
    නිශ්චිත පැහැදිලි සංකල්ප රූපයක් නිර්මාණය කිරීම.
    උපමාව ප්‍රස්තුත විෂයටත් අවස්ථාවටත් උචිත වීම.
    උපමාව පාඨකයාගේ අත්දැකීමෙහිම කොටසක් වීම.
    අදාල විස්තරය පිළිබඳ සංකල්ප රූපයක් ගෙන හැර පෑමකි උපමාවෙන් සිදුවන්නේ......
    A=B නම් B=C නම් A = C විය යුතුය. මෙය ගණිතයේ භාවිත වන නියමයක්. මෙහි
    A යනු විචල්‍යයකි
    B යනු විචල්‍යයකි
    C යනු විචල්‍යයකි
    එනම් ඕනෑම අගයක් ආදේශ විය හැකි පදයකි. A= 5යැයි සිතමු. මෙවිට A=B නම් B හි අගය ද 5 ක් විය යුතුය.
    B =C නම් B 5ක් නිසා C හි අගය ද 5 ක් විය යුතුය. දැන් A = C කියන්නට බැරි ද?
    අවශ්යව නම් A = B = C කියන්නට බැරි ද? මෙම තුනේම අගය 5 ක් නොවේද?
    ***A,B,C යනුවෙන් අකුරු තුනක් ඇත්තේ ද ඒවාටම සුවිශේෂී වූ වෙනම ලක්ෂණ මෙන්ම වෙනම ස්ථානද ඇතිනිසාම නොවේද?****

    ඔව පවසන පරි දි x = 3 නම් එය හැමදාම 3 විය යුතු ය. A. B. හා C වෙනස් අකුරු 3 ක් බව සැබෑය. ඒවාට සුවිශේෂී වූ වෙනම ස්ථාන ද ඇත. එහෙත් ගණිත විචල්‍යයක් ලෙස A. B. හා C යෙදුනුවිට ඒවා එකිනෙක සමාන විය හැකිය. ABCDEFGHIJKLMNOPQRXYZ වුවද එකිනෙකට සමාන විය හැක. මන් ද ඒවා ගණිතයේ ගැනෙන්නේ හුදු අකරු ලෙස නොව සංඛ්‍යාත්මක අගයන් ආදේශ කළ හැකි විචල්‍යයන් ලෙසටය................................................................

    ReplyDelete
  2. මා කියු දේවල්ම ඔබ එසේ නොවන බව පැවසීමට යාම නිසාම මා ගොඩනගන තර්කය තවත් ප්‍රබල වී ඇත.
    ඔබ පවසන පරිදි *x = 3 නම් එය හැමදාම 3 විය යුතු ය. A. B. හා C වෙනස් අකුරු 3 ක් බව සැබෑය. ඒවාට සුවිශේෂී වූ වෙනම ස්ථාන ද ඇත. එහෙත් ගණිත විචල්‍යයක් ලෙස A. B. හා C යෙදුනුවිට ඒවා එකිනෙක සමාන විය හැකිය. ABCDEFGHIJKLMNOPQRXYZ වුවද එකිනෙකට සමාන විය හැක*
    මේඅනු ඉංග්‍රීසි හෝඩිය අක්ෂර 26 ක් ලෙස සැලකීම ඔබට අනුව බොරුවකි.එක් අකුරක් පමණක් තිබීම ඔබට අනුව සියල්ලටම සෑහේ. අවශ්‍ය වන්නේ විචල්‍යන් ආදේශ කර දැක්වීම පමණි.
    උදා:-A=C හා C=T නම් T=A ලෙස දැක්විය හැක.ඒඅනුව ඉංග්‍රීසි භාෂාවේ කැට්(cat) යන වචනය ඔබට අනුව නම් පහතපරිදි ලියාදැක්විය හැක.එනම් AAA ලෙසයි.මේක විකාරයක් බව තමා මා ඔබට අවධාරණය කළේ.
    ඔබ මෙසේ සදහන් කරයි,
    * සිසි වන වුවන ඉඟ සුඟ ගතහැකි මිටි න
    නිසි පුළුලූකුළ රිය සක'යුරු තිසර ත න
    දිසි රන ලියෙ'ව් රූසිරි යුත් මෙපුරඟ න
    ඇසිපිය හෙලන පමණින් නොවෙති දෙවඟන

    මෙම මහඟු කවියේ එන උපමා භාවිතය අර්ථවිරහිත හුදු ප්‍රලාපයක් බවද ඔබ පවසන්නේ......*යනුවෙන්.එසේය,මා පවසන්නේ එයයි.මෙහි එන පරිදි
    සිසි=චන්ද්‍රයා
    වුවන=මුහුණ, ලෙස අරුත් ගැන්වෙනබව පෙනේ.ඒ අනුව ඉතාම සරළ ලෙසට කිතොත් *මුහුණ චන්ද්‍රයා වැනිය*යනුවෙන් මෙහි අරුත් ගන්වා තිබේ.
    ඒඅනුව මේකාන්තාවන්ගේ මුහුණු පුර පසළොස්වක දාට හොදටම රවුම්ද?අටවක පොහොයට ඇත්තේ මුහුණෙන් භාගයක්ද?අමාවක පොහොය දාට මුහුණක් නැතිද?
    (අනිත් උපමා රූපක වලත් ඇති නිරර්ථක භාවය ගැන කීමට කාලය අපතේ නොහරිමි)
    අපේ කැම්පස් එකේ එල පොරක් උගේ කෑල්ලට මෙන්න මෙහෙම නිසදැසක් ලිව්වා.
    කබ කදුළු ගලන දෙනෙත
    නිල් මැණික් වුනේ මටද?
    සොටු දියර ගලන නහය
    පිණි ජම්බු වුනේ මටද?
    කෙළ ගලන යුග දෙතොල
    රෝසපෙති වුනේ මටද?
    අනේ කෙල්ලේ නුඹට පෙම් බැන්දේ
    මගේ හද ද?
    උපමා රූපක අතරේ ඇති බොරුව පිටුදැකීමට මීටත් වඩා ක්රියේටිව් උදාහරණ තවත් කොහිද?
    මම කීවට කසුන් කල්හාරගේ ගීතය ඇසුවේ නැහැ නේද?
    ඒකේ මෙන්න මෙහෙමයි තියෙන්නේ,
    සද සද වගේ
    තරු තරු වගේ
    මල් මල් වගේ
    අපි අපි වගේ..........
    ඔබ මා නොවනතුරු
    මම ඔබ නොවනතුරු
    ඔබ ඔබමදැයි
    මම මමම දැයි.....
    සද සද වගේ
    තරු තරු වගේ
    මල් මල් වගේ
    අපි අපි වගේ..........
    මේ ගීතයෙන් හරියටම කියවෙන්නේ මම කියන්න හදන දේ හා ඔබට නොතේරුන නොවැටහුණු දෙයයි...

    ReplyDelete