Wednesday, May 22, 2013

දේශීය ආහාර ද්‍රව්‍ය වලට පරිභව කිරීමේ පශ්චාත්භාගයේ අමාරුව.



අතීතයේ සිට අපගේ දේශීය ආහාරවලට පරිභව කිරීම හා ඒවා පහත් දේ කොට සැලකීම බෝකරන්නට ඇත්තේ ඉංග්‍රීසින් විසින් යැයි සිතුනාට වරදක් නැත.උසස් තත්ත්වයක් ලබාගන්නටනම් ඉංග්‍රීසි කතා කළ යුතුය.
ඉංග්‍රීසි ඇදුම් පැළදුම් සිරිත් විරිත් අනුගමනය කළයුතුය.ඉංග්‍රීසින්ගේ දේවල් වැළද ගැනීමට අපේ නූතන හෙලයින්ට ද ඇත්තේ පුදුම පශ්චාත්භාගයේ අමාරුවකි.දේශීය දේවල් පහත්ය,ඒවා පිළිපදින්නන් ගොඩයන්ය.

උදාහරණ ලෙස කීවොත් මඤ්ඤොක්කා යනු මහා භයානක පහත් දෙයකි.එහි උපත හා සම්භවය ඇත්තේ කෝපි කඩේ හෝ රා කඩේ ළග පුංචි පොල්අතු පැල්පතේය.කැරමල් පුඩින් නම් රජකෑමකි.ඉරිගු තලප,රොටී,හැලප,පිට්ටු යනු බයියන්ගේ කෑම වෙති.පීට්සා,චයිනීස් තරු පහේ
කෑම වෙති.

නමුත් අතීතයේදී නම් එය මෙසේ නොවීය.ඉතාම දුෂ්කර කාර්යයක් වූ පතල් කර්මාන්තයේ යෙදුනු අපේ ජනයා රටින් ගෙන්වු හාල් වලින් පිසූබත් කෑම ඊටත් වඩා දුෂ්කර කාර්යයක් සේ සලකා ඇත.එනම්

*ඉන්නෙත් බෝගලයි මහ කළු ගලක්          යට
 කන්නෙත් කරවලයි රට හාලේ                බතට*

යනුවෙන් පතල් කරුවා පවා කීවේ ඒ නිසාය.නමුත් දේශීය ආහාරවලට කරන පරිභවය දැන් සමාජය තුළ ගැඹුරටම කිදා බැස ඇති සෙයකි.අද දවාලට මම කෑවේ තම්බාපු කොස්ය, යනුවෙන් කීමට සිදුවීම මොන තරම් ලැජ්ජාවට කරුණක්ද?නමුත් අද දවාලට මම කෑවේ ෆ්රයිඩ් රයිස් යැයි කීමට කෙතරම් ආඩම්බර වෙනවාද?

ඉංග්‍රීසි පාලන සමයේ සිටම දේශීය ගෙවීන් ගැන උන් සිතාගෙන සිටියේ වැඩි දැනුමක් නැති පිරිසක් ලෙසටය.එසේම අමුඩය ගැසූ ගොවියා සුද්දියන්ට හිරිකිතවිය.අපේ අයද අපේ රටේ දේශීය ගොවීන්ට චුයින්ගම් කැවීමට හැදුවේ ද මේනිසාම වන්නටද ඇත.

විදේශිකයින් අදතෙක්ම වාගේ දේශීය ගොවියා යැයි කී පමණින්ම කැමරාවට රූගත කරනු ලබන්නේද ජටාව හිසේ බැදගෙන අමුඩය ගසාගෙන කුඹුරු කොටන උදවිය වන නිසාම අපේ ගොවියා අමුඩය ගැලවූයේ කසාද දිනයේ රාත්‍රියේදී පමණක් දැයි අපට සැක සිතේ.

එසේම මෙම අමුඩය ඉනේ දරා සිටින්නේ සුද්දාගේ යට ඇදුම දරාසිටින ආකාරයේ වෙළද දැන්වීම් සහිත ඇදෙන ඉලාස්ටික් පටිවලින් නොව රිදී හවඩිවලින් බව සුද්දාගේ කැමරාවට අසු නොවේ.

ලංකාවේ උදවියද මෙම ආකාල්පයම මනසේ දරාගෙන අමුඩය අශිෂ්ට ඇදුමක් යැයි සලකන්නට හුරුවී ඇතත් පිහිනුම් තරගවලට සහභාගිවන උදවියගේ සහ අයෝමය පුරුෂයන්ගේ ඇදුම් සමග සසදන විට රට අමුඩවලට වඩා දේශීය අමුඩය කෙතරම් ශීෂ්ට සම්පන්න දැයි මට සිතේ.

5 comments:

  1. ඇත්ත නේන්නම්.හැබැයි ඉතින් කොස්,පොළොස්,දෙල්,මඤ්ඤොක්කා වගේ දේවල් ගැන ටීවී එකේ ඇඩ්එකක් වත් යන්නේ නෑනේ.ඉතින් අපේ මොඩ් අළුත් සනුහරේ මේවා දන්නේ නැතිව ඇති.මේකට හොද උදාහරණයකුත් මම කියන්නම් ඕනනම්, අපේ ගමේ මෙදා පාර වෙසක් එකට දන්සැල් දෙකක්ම තිබුනා.එකක් කොස් දන්සැලක්.අනික ෆ්ර්යිඩ් රයිස් දන්සැලක්.ෆ්රඑයිඩ් රයිස් කන්න කට්ටිය පෝලිමේ පොරකන කොට කොස් දන්සැලට ආවේ ඒ කෙක් දෙන්නෙක් විතරයි.අනේ දේශීය ආහාර වලට ගිය කල,,,

    ReplyDelete
  2. දේශීය ආහාර වල වැදගැම්මක් නැතිකරලා තියන්නෙත් ලංකාවෙ ටෙලිවිශන් එකේ ඉන්න පණ්ඩිතයො ටිකක් කියලයි මටනම් හිතෙන්නෙ.පට්ට ස්ටයිල් විදියට කොණ්ඩෙත් ටින්ට් කරපු ළදක් තමයි ටීවී එකේ පොළොස් මාළුව හදන්න වැඩසටහනට ගෙන්නන්නේ.නිවේදිකාව ඊටත් එහා.එයා සිංහල කතාකරන්නේ හරියටම අනර්කලී සිංහල කතාකරන ලෙසටමයි.
    කුකරි ලේඩිගේ වචනත් ඔක්කම ෆුල් ඉංග්ලිෂ්.හරියට මෙන්න මේ වගේ,,,නන්ස්ටික් භාජනේ හොට්ප්ලේට් එකේ ටූ මිනිට්ස් විතර තබා ස්පූන් එකකින් හොදින් මික්ස් කරන්න.මීලගට සෝල්ට් මික්ස් කරන්න.චිලී වැඩිපුර දැම්මොත් වෙරි ටේස්ටි.පාටි ටයිම් එකටත් ඩෙෆිනේට්ලි මැච් වෙනවා...නේද මෙයා...,,,(නියම සිංහල නේද?)
    ඉතින් මේ වැඩසටහනේ සිංහළ නමකට තියෙන්නෙත් ඔය පොළොස් කියන වචනෙ විතරමද කොහෙද..අනිත්වා ඔක්කම ෆුල් ඉංග්ලිෂ්.(නියම සිංහල ආහාරයක් නෙ හදන්නෙ ඒකයි මේ)
    බලන්න මේවගේ වැඩසටහන් වලින් දේශීය ආහාර වර්ග වලට කොච්චර හොද සේවයක් වෙනවද,?නේද මෙයා,,,,,,ඩෙෆිනේට්ලි වෙනව නේද මෙයා...

    ReplyDelete
  3. ක්ෂණීක කොස් නෑනේ, ක්ෂණික මඤ්ඤොක්කත් නෑනෙ..... ඒ උනාට ක්ෂණික නූඩ්ලස් තියන වනේ.....

    ReplyDelete
  4. ක්ෂණික ආහාර අවශ්‍ය වන්නේ ක්ෂණික බඩගින්න නිසා.ඉස්සර අපේ ජනයාට ක්ෂණික බඩගින්න ආවේම නැත.ඒ කොස්,පොළොස් ආදිය ආහාරයට ගත් නිසායි.ආහාරයක වැදගත් වන්නේ ක්ෂණික බව නොවේ.එහි ඇති කුස පිරෙන බවත් ගුණදායක බවත්ය...ඔබට අනුව නම් ක්ෂණික මරණයත් නියම දෙයක් ලෙසට ඔබ දකිනවා නිසැකය,,,

    ReplyDelete
  5. විදේශීය දේවල් කෝකත් අපේ අයට හරිම අගෙයි...ඒ හින්දම වෙන්න ඇති අවුරුදු ගනනාවක් විශසහිත ඇන්කර් කිරිපිටි බිව්වත් අපේ අයට දැන් රතුපස්වල වතුර බොන්න බැරි,,,,,,,

    ReplyDelete