Monday, April 22, 2013

පරිණාම වාදය.



 ඩාවින්ගේ පරිණාම වාදයට අනුව භෞතික වශයෙන් පෘථිවිය මත ජීවීන් බිහිවී වර්ධනය වේ ප්‍රජනක කෝෂ අතිරික්තයක් ජීවීන් විසින් ඇතිකරන අතර

ඒවායින් බෝවී වැඩෙන


ජීවීන් ප්‍රමාණය කෝෂ ප්‍රමාණයට වඩා බෙහෙව්න් අඩුය.වර්ගයක සෑම ජීවියෙක්ම එක සමාන නොවන අතර ලක්ෂණ අතින් වෙනස්කම් දක්වයි.ප්‍රවර්තනය සදහාවන අරගලයේදී පරිසරයේ තත්ත්වයන්ට වඩා හොදින් අනුවර්තනය විය හැකි ලක්ෂණ සහිත ජීවීන් ස්වභාවික ලෙස වරණය වන අතර ඊලග පරම්පරාව තේරෙන්නේ වර්ගයක ඒලක්ෂණ වැඩියෙන් ඇති සාමාජික යන්ගෙන්ය.


පාරම් පරික වශයෙන් ජනකයා හා ජනිතයා අතර සමානකම් ඇතිවේ.මේ අනුව පසු පරම්පරාව ක්‍රමයෙන් වෙනස් වෙමින් ස්වභාවික වරණයෙන් පරිසරයට වඩා අනුහුරුවෙමින් පරිණාමය වේ.

මෙම මතය චාල්ස් ඩාවින් විසින් සත්ත්ව ලෝකයේ පරිණාමය පිළිබද අදහස් දක්වමින් ඉදිරිපත් කරන ලදී.ඩාවින්ගේ මෙම මතය අවස්ථා 4 කින් විග්‍රහවේ.


1.අති ජනනතාවය.
            එනම් ලෝකයට දැරිය නොහැකි,පවත්නා සම්පත් ප්‍රමාණයට දැරිය නොහැකි ප්‍රමාණයකින් ජීවීන් ඇතිවන බවයි.



2.විෂමතාවය.
            මෙම ජීවීන් එක් අයෙකුගෙන් තවත් අයෙකු වෙනස් වේ.ජීවීන් අතුරෙන් සමහරක් දුබලයන් වේ.


3.ජීවිත සටන
              සම්පත් සීමිත වන බැවින් හා එම සම්පත් වලට දැරිය නොහැකි තරම් ජීවීන් ඇතිවන හෙයින් ඔවුන් පරිසරය සමග මෙන්ම අනෙකුත් ජීවීන් සමගද අරගලයක යෙදේ.


4.උචිත උන්නතිය.
පරිසරය සමග මෙන්ම ජීවීන් සමගද අරගලයක යෙදෙන විට ප්‍රබලයන් පමණක් පරිසරයට මුහුන දිය හැකි ආකාරයට ගොඩනැගෙන අතර දුබලයන් විනාශවීයයි.

           මෙලෙස පැලෑටිවල හා ජීවීන්ගේ පරිණාමය ස්වභාවික වරණය මත සිදුවේ යනුවෙන් ඩාවින් කල උපන්‍යාසයට සමාන අදහසක් ඇල්ෆ්‍රඩ් රසල් වොලස් නම් විද්‍යාඥයා විසින් ඉදිරිපත් කලද පරිණාම වාදය ඉදිරිපත් කිරීමේ ගෞරවය ඩාවින්ට ලැබුණි.
චාල්ස් ඩාවින්

               

No comments:

Post a Comment