Tuesday, August 27, 2013

මහා වංශය නොහොත් හෙළ පච වංශය.

ඉන්දියානු මහා භාරත කාව්‍ය හා රාමායණ කාව්‍ය ලංකාවේ පාලි දීප වංශය හා මහා වංශයත් එකම ක්‍රමයකට රචිත ශෛලිගත කාව්‍ය ග්‍රන්ථ සතරක් සේ සැලකිය හැකිය.
මුඛ පරම්පරාගත කථාවන් එක්කොට විවිධ විශ්වාස ඇදහිලි විවිධ වර්නණා අලංකාර කිරීම් පමණක් නොව විටෙක පක්ෂපාතීව චෝදනා හා ගැරහුම් අතුලත් කිරීමෙන්ද තවත් විටෙක රාජ්‍ය බලය යොදා ආගමික බලය යොදා මෙම ග්‍රන්ථ නිර්මාණය කර ඇතිබව පැහැදිළිය.

එහි රචිත පරම සත්‍යය හා යතාර්ථය තෝරා බේරා ගැනීම පිණිස අන්ධ භක්තිය ඉවත්කොට පක්ෂපාතී නොවී ඒවායේ ඇතුලත් කරුනු එකිනෙක විශ්ලේෂණය කරමින් ඉපැරණි සාක්ෂි සොයාගත යුතුය.

සියළු සත්ත්වයින් වෙත මහා කරුණාව,දයාව පහල කළ බුදුරජානන් වහන්සේ ලක්දිවට වැඩමවා ලංකාවේ සිටි සියළුම යක්ෂයින් ගිරි නම් දිවයිනට එලවා දැමුවා යැයි මහා වංශය පැහැදිලි කරයි.එය එසේ වන්නේ කෙසේද? යන්න විමසා බැලිය යුතුම ප්‍රශ්නයකි.

බුදුරජානන් වහන්සේ යනු කිසිවිටෙකත් කවරෙකුටවත් හිංසාවක්, පීඩාවක්, සිත්තැවුලක් ඇති කරන්නෙකු නොවන බව අපි නිශ්චිතවම දනිමු.
එසේ හෙයින් යක්ෂයින්(එසේ මහා වංශය පවසයි) යහමගට ගැනීම හෝ
ඔවුන්ට අනුකම්පා නොකොට ඔවුන් වෙනත් දිවයිනකට පලවා හැරීමට තරම් බුදුරදුන් කෝප විය නොහැක.එසේ හෙයින් මෙය මහාවංශය ගොතාඇති අමූලික බොරුවකි.

එසේම විජය රජු ලක්දිවට පැමිණෙන නිසාවෙන් එතුමාව ආරක්ෂාකරන ලෙසත් උදව් උපකාර කරන ලෙසත්  බුදුරදුන්ද දෙවියන්ගෙන් ඉල්ලා සිටින ලද බවත් උපුල්වන් දෙවිදුන් විජය  ඇතුළු පිරිස ලක්දිවට පැමිණි
අවස්තාවේ පිරිත් නූල් ද බැද ආශීර්වාද කල බවත් සදහන් වේ.

විජය යනු එකල ඉන්දියාවේ විසූ දාමරිකයෙකි.මංපහරන්නේකි.එය සත්‍ය බවට ඉන්දියාවේම ඉතිහාස සාහිත්‍ය ග්‍රන්ථ පවා සාක්ෂ්‍ය දරයි.එනම් එකල රජකල රජුගෙන් ජනතාව කරන ලද ඉල්ලීමක ප්‍රථිඵලයක්  අනුවයි විජයව රටින් පිටමං කරන්නේ.
පිටමං කලා යැයි කීවොත් මාද මහාවංශ කතුවරයා ලෙසටම පෙනේ. එනිසා පිටුවහල් කලා යැයි කීම(සත්‍ය එයයි) වඩාත් නිවැරදිය.ඒ ඔහු තම රටටද නොගැලපෙන පුද්ගලයෙකු නිසා නොවන්නේද?
එවන් පුද්ගලයෙකුට දෙවිවරු රැකවරණය දේවි යැයි සිතිය හැකිද?බුදුරදුන්ද එවන් පුද්ගලයෙකුව රැකගැනීමට වෙහෙස දරයිද?

බුදුන් තෙවරක් වැඩම කරන ලද ලක්දිව තුළ ඒවන විටත් එකදු හෝ සත්පුරුෂයෙකුවත් නොසිටි බව කීමටද මහාවංශයට අවශ්‍යවී ඇත්තේ.මෙයත් අමූලික බොරු ගෙතීමක් බව එයින්ම පැහැදිළිය.
එසේම විජය හා පිරිස ලංකාවට පැමිණෙන විට  වාසය කලේ යක්ෂයින් බවත්,කුවේණීනම් යක්ෂණී සමග සමීපවී,ලක්දිව පාලනය කළ ප්‍රධාන යක්ෂ රජතුමා මරා විජය කුමරු පැළද ගන්නේ එම යක්ෂ ප්‍රධානියා ඇදසිටි ඇදුම් බවත් එම ආභරණ පැළද රාජාභිෂේකය ලැබූ බවත් මහාවංශය පවසයි.
එසේ යක්ෂයෙකුගේ ඇදුම් පැළදුම් මිනිසෙකුට ඇදිය හැකිද?කුවේණී නම් යක්ෂණියට දාව දරුවන් ලැබිය හැකිද?විජය කුමාරයෙක් නම් යක්ෂණියක් සමග විවාහ වන්නේ ඇයි?

ඉහත කරුණු විමසා බැලීමේදී ලංකාවේ වාසය කලේ යක්ෂයින් නොව වසර දස දහස් ගනනක් තිස්සේ පැවත ආ ලොවටම මහත් අභිමානවත් යක්ෂ ගෝත්‍රික මිනිසුන්ය.

බුදුරදුන් කැළණියට වැඩම කල දිනයේ පන්සියයක් නාගයින් බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දන් පිලිගැන්වූ බව මහා වංශය පවසයි.ඔවුන් නාගයින් නොව නාග ගෝත්‍රික මිනිසුන්ය.

බුදුන් වහන්සේ තෙවන වර ලක්දිවට වැඩමකලවිට මණිඅක්ඛිත නාරජුන් මෙහිවිසූ බව මහාවංශයත් එසේම වංශකතාවලද දැක්වේ.එසේ නාගගෝත්‍රිකයින්ට අධිපතිවූ රජෙකු සිටිබව සදහන්ව තිබියදීත් විජය ලංකාවේ පළමු රජුයැයි මහාවංශය පුරසාරම් කීම කෙතරම් මුසාවක්ද?

එසේම චුල්ලෝදර,මහෝදර රජුන් මිණි පළගකට යුධ වැදුනු බව වංශකතාවල සදහන්ව තිබියදීත්  විජය ලංකාවේ පළමු රජුයැයි මහාවංශය පුරසාරම් කීමත් කෙතරම් මුසාවක්ද?

එසේම සමස්ථ ඉන්දියාවේම ප්‍රකට ඉන්දියාවේම වීර කාව්‍යක් වන රාමායණය තුළ බුදුන් වහන්සේ ලොව පහලවීමටත් වසර 1800 කට පමණ පෙර අතීතයේ ලක්දිව විසූ තුන්ලෝකයම ජයගත් මහා රාවණ රජතුමා ගැන වර්ණනා සපයද්දී ලංකාවේම රචිත මහාවංශය විජය ලංකාවේ පළමු රජු කිරීමට ප්‍රයත්න දරා තිබීම කෙතරම් පිළිකුල් සහගතද?

මහාවංශයට අවශ්‍යවී ඇත්තේ විජය වැනි දාමරිකයෙකුගේ පරපුරකින් අප වැනි ශ්‍රේෂ්ඨ සිංහලයින් පැවත එනබවට කරුණු ගොනුකිරීමට නම් එවන් නින්දිත වැඩක් තවත් නොවන බවනම් පැවසිය යුතුමය.

එසේම ලංකාවට ආර්යයන් පැමිනියේ විජය ඇතුලු පිරිසගේ සංක්‍රමණය සමග බව මහාවංශය අනාවරණය කරයි.
රටින් පිටුවහල් කල විජය ආර්යයෙක් සේ සැලකීමට තරම් මහාවංශය අසරන වීඇත්තේ ඇයි?එයටත් වඩා ලොකුම මුසාව වන්නේ බුදුන් වහන්සේ තෙවරක් වැඩම කොට ඇති හෙලදිව තුළ මේදක්වා විසුවේ අනාර්යයන් බව එයින් ව්‍යංගයෙන් හැගවෙන නිසාය.

හෙළ ඉතිහාසයේ පළමු රජුසේ හෙළ පුරාවෘත්තවල සදහන්වන මහා මන්දාතු (කසුබ් හිරන්)රජතුමාත් රාමායණයටද අනුව හෙළදිව පාලනය කල මහා රාවණ රජතුමාත් එසේම මහාවංශයේද විමර්ෂණයට ලක්ව ඇති බුදුරදුන්ගේ බණ අසා සෝවහන් ඵලයටද පැමිණි මණිඅක්ඛිත නාරජුනුත් අනාර්යයන් ලෙසද මහාවංශය දකින්නේ?ඒ ඇයි?
විජයට මෙතරම් වැදගත් කමක් ආරෝපනය කිරීමට මහාවංශය බේගල් ඇදබාන්නේ කුමක් සදහාද?
විජය ඇතුලු 700ක් පිරිස ලක්දිවට ගොඩබට අවස්තාවේ කුවේණිය කපු කටිමින් සිටියේ ඇදුම් මසා අදින ආර්ය ජනතාවක් ලක්දිව විසූ නිසා නොවේද?

විජය ඇතුලු පිරිසෙන් විජය හැරුනුකොට අන් සියළුම පිරිස බැල්ලකගේ මාර්ගයෙන් රටතුළට ගෙන්වා සිරකර තැබීමට කුවේණියට හැකිවූවානම් හෙළදිව රජකල එවකට සිටි රජවරුන්ට විජය කූඹියෙකු තරම්වත් තර්ජනයක්ද?

බලංගොඩ දියවින්නේ උඩුපියන් ගල්ගුහාවෙන්ද,රාවණා ඇල්ලේ ගල්ලෙන තුළින්ද,කුරුවිට ආසන්නයේ බටදොඹ ලෙනින්ද හමුවූ ආදී පැරණි මිනිසුනගේ පාෂාණිභූත ඇටකටු හා වලංවල කැබලිති ගල් ආයුධ පරීක්ෂා කිරීමේදී වසර 30,000 කට වඩා පැරණි මිනිස් ශිෂ්ඨාචාරයක් ලක්දිව පැවතුනුබව ඔප්පු කලහැකිබව පුරා විද්‍යාඥයින්ද පවසයි.

මෙසේ ස්වර්ණමය ඉපැරණි ඉතිහාසයකට හිමිකම්කියන ශ්‍රේෂ්ඨ සිංහල පරපුර විජය හා පිරිසගෙන් පැවත එනබව පැවසීමට කරුණු ගොනුකිරීමෙන් හෙලිවන්නේ මහාවංශය විසින් ඉන්දියාවේ කොළනියක් බවට ලංකාව පත්කිරීමට ගෙනඇති කුහක කුමන්ත්‍රණය නොවේද?



2 comments:

  1. හ්ම් හැබැයි පළමු හෙළ රජ මහා මන්ධාතු රජ නොවේ ,මහා කාලසේන නොහොත් මනු රජතුමායි

    ReplyDelete