Wednesday, May 22, 2013

දේශීය ආහාර ද්‍රව්‍ය වලට පරිභව කිරීමේ පශ්චාත්භාගයේ අමාරුව.



අතීතයේ සිට අපගේ දේශීය ආහාරවලට පරිභව කිරීම හා ඒවා පහත් දේ කොට සැලකීම බෝකරන්නට ඇත්තේ ඉංග්‍රීසින් විසින් යැයි සිතුනාට වරදක් නැත.උසස් තත්ත්වයක් ලබාගන්නටනම් ඉංග්‍රීසි කතා කළ යුතුය.
ඉංග්‍රීසි ඇදුම් පැළදුම් සිරිත් විරිත් අනුගමනය කළයුතුය.ඉංග්‍රීසින්ගේ දේවල් වැළද ගැනීමට අපේ නූතන හෙලයින්ට ද ඇත්තේ පුදුම පශ්චාත්භාගයේ අමාරුවකි.දේශීය දේවල් පහත්ය,ඒවා පිළිපදින්නන් ගොඩයන්ය.

උදාහරණ ලෙස කීවොත් මඤ්ඤොක්කා යනු මහා භයානක පහත් දෙයකි.එහි උපත හා සම්භවය ඇත්තේ කෝපි කඩේ හෝ රා කඩේ ළග පුංචි පොල්අතු පැල්පතේය.කැරමල් පුඩින් නම් රජකෑමකි.ඉරිගු තලප,රොටී,හැලප,පිට්ටු යනු බයියන්ගේ කෑම වෙති.පීට්සා,චයිනීස් තරු පහේ

නවීන තාක්ෂණික දැනුම ගෙනෙන විශ්මිත ප්‍රථිඵල.



වාරිමාර්ග ප්‍රතිසංස්කරණය කිරීමත් පුරන් වූ ඉඩම් යළි අස්වැද්දීමත් ආදී ක්‍රියාමාර්ගද ගෙන එයින්ද නෙනානැවතී වඩා වේගවත් ආහාර ද්‍රව්‍ය නිශ්පාදන ක්‍රම වලට නැඹුරුවී ඉක්මනින්ම දියුනුවීමට(කඩිනම් ව්‍යාපාර) අප විසින් ගෙන ඇති පියවර බොහෝය.
මෙයින් බලාපොරොත්තු වූයේ විශ්මය ජනක අස්වැන්නක් ලබාගැන්මයි.
ඒඅනුව කටට හුරු ගොවියාට පුරුදු වී වර්ග වෙනුවට ඉංග්‍රීසි නම්වලින්,අරාබි ඉලක්කම් වලින් හා රෝම අකුරුවලින් හැදින්වෙන පළදාව නියත දෙමුහුන් වී වර්ග(පිටරට ඒවා අපිට නැතුවම බැරිය) වැපිරීම ආරම්භ කරන ලදී.


එසේ ලබාගත් විශ්මය ජනක ප්‍රථඵලය නම්,

Tuesday, May 21, 2013

ඇපල් වත්තේ රහස් වලින් උකහා ගත් ලංකාවේ සංවර්ධනය.



යම් අවශ්‍යතාවකට වෙළදපලෙන් පළතුරු මිළදීගැනීමට ගියවිට රසය ගුණය පසෙක ලා ඒවායේ මිළගනන් විමසීමට පෙළඹෙන්නේ නිතැතිනි.ඒවා මිළට ගතයුත්තේ මුදල්ගෙවා වන බැවින් එය සාධාරනය.

නමුත් මා විශ්මයට පත්වූයේ හොද තත්ත්වයේ ඇපල්ගෙඩියක් රුපියල් 30 කට පමණ මිළකට ගතහැකිව තිබුනත් හොද තත්ත්වයේ අඹගෙඩියක් හෝ පැපොල් ගෙඩියක් මිළදී ගැනීමට රුපියල් 100 ක පමණ මිළක් ගෙවීමට සිදුව තිබීමයි.
මෙහි පුදුම සහගත කරුණ වන්නේ ඇපල් ගෙන්වන්නේ පිටරටකින් වීමත් අඹ,පැපොල් වැනි දෑ අපරටේ දේවල් වන නිසාත්ය.එක්කෝ මෙම ඇපල් ලංකාවේ බේකරියක නිශ්පාදනයක් වත්ද?එසේත් නැත්නම් වියහැකි පරිද්දෙන්ම අඹත් පැපොලුත් අපේ ගොවියාටත් හොරා පිටරටින් ගෙන්නපු ඒවා වත්ද?

ජනතාව පාන්පිටි මිශ්‍ර ආහාර

ජීවන වියදම අඩුකිරීම නොහොත් ගොවියා මට්ටු කිරීම.



ජීවන වියදම ගනනය කිරීමේදී සාමාන්‍ය ජනතාවට මුදල් වැයකිරීමට සිදුවන අංශ රුසක් ඇතුලත් කරගනු ලැබුවද ඒවායින් වැදගත් තැනක් ගනු ලබන්නේ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය පිළිබද මිළ ගනන් වේ.
අත්‍යාවශ්‍ය ආහාර වර්ග අතර වී,මිරිස්,ළුනු,එලවළු,අර්තාපල් ආදී නොයෙකුත් වර්ගද ඇතුළත් වේ.එසේම ලංකාවේ ජනයා මෙම වර්ග බෙහෙවින් පරිභෝජනය කරයි.
එසේනම් ජීවන වියදම අඩුකිරීමට නම් ඉහත කී වර්ගවල මිළ ගනන් පහත හෙලීම අනිවාර්යය.( ජීවන වියදම අඩුකිරීමට අවංකවම අවශ්‍ය නම් පමණි)

නමුත් අපේරටේ සිටින විශාල පිරිසක් වී,මිරිස්,ලූනු,එලවළු,අර්තාපල් ආදිය වගාකරන කුඩා ඉඩම් හිමි ගොවියෝ වෙති.
එහෙයින් මෙම ආහාර ද්‍රව්‍යවල මිළ වැඩි නොකොට ඒවායේ වගාකරුවන්නේ(ගොවි ජනතාවගේ) ජීවන තත්ත්වය උසස් තත්ත්වයකට ගෙන ඒමට කිසිසේත් නොහැක.( ජීවන තත්ත්වය උසස් කිරීමට අවංකවම අවශ්‍ය නම් පමණි)
ප්‍රශ්නය මතුවන්නේ

Monday, May 20, 2013

බසයේ ගමන් කිරීම හෙවත් බසය ඇතුළේ ඇවිදීම.



සාඩින් මෙන් තදබල ලෙස එකට කිටි කිටියේ හිරවෙමින් ඩහදිය මුගුරු හෙළමින්,නගින බහින අවස්ථාවලදී නොමිළේම ඇගට පතට සම්බාහනයක්ද ලබමින්,ආදරය ඉල්ලා විලාපදෙන කසිකබල් ගීතයන්ටද සවන් දෙමින් බස්රියෙන් ගමන් කිරීමේ ආස්වාදජනක අත්දැකීම ලංකාවේ ජනතාවට නොඅඩුවම ලැබෙන්නේ පෙර පිනක් නිසාදැයි වරෙක මට සිතෙයි.
එසේම කොන්දොස්තර මල්ලී ඉස්සරහ සිටින මගීන්ට පිටුපසට යන ලෙස නිතරම බෙරිහන් දෙයි.පටුපස සිටින මගීන්ට ඉස්සරහට යන ලෙසත් කෑගසා කියයි.මෙසේ මගියෙක් පැයක පමණ කාලයක් බසයේ ගමන් ගතහොත් බස් රථය තුළ කිලෝමීටරයක් පමණ දුර පයින් ගමන් කරන්නට සිදුවේ.

මීලගට

ඩෙංගු මර්දනය හා මදුරුවන් බෝකිරීම.



ඩෙංගු මදුරුවන් මර්දනය නූතනයේ ජාතික ප්‍රතිපත්තියක් තරමට ප්‍රබලව ක්‍රියාවට නංවමින් තිබෙන්නකි.ජනතාව දැනුවත් කිරීමෙන් නොනැවතී ඒවා කඩකරන ජනතාව සිරගෙට යැවීම දක්වා නීති රීති මාලාවක් දැනටමත් මෙයට අනුගතව ක්‍රියාත්මක වෙමින් ඇත.
අප පාසලේද බොහෝ දිනවල පැයගනන් කාලය ගතවන්නේ මෙම ඩෙංගු මර්දනය උදෙසාය.(මදුරු මර්දනයට වඩා මුදලින් දඩගෙවීමට සිදුවේයැයි විදුහල් පතිතුමා දැඩි බියෙන් පසුවන සෙයකි)
දැන්වත් ඩෙංගු මදුරුවන් මර්දනය කර තිබේද?
නැත.

අවුරුදු දහයකට පෙර මදුරුවන් නොසිටි ප්‍රෙද්ශවලද

ලංකාව සහලින්(පිටරට) ස්වයංපපෝෂිත කිරීම.



අප නිදහස ලබා මේවන විටත් වසර 65 ක් ගතවී ඇත.දේශපාලුවන් කියූ පරිදි දැන්වත් මෙරට සහලින් ස්ව්‍යංපෝෂිත වී තිබේද? නැත.
ඒසදහා පිටරටින් ගෙන්වන සහල් ප්‍රමාණය අඩුකර ඇත.නමුත් පාන්පිටි ගෙනඒම නතර කොට නැත.එසේම සහල් ගෙන්වීම අඩුකර ගැනීම සදහා  ජනයා යහමින් ගිලදමන පාන් පිටි ද ආධාරවී ඇති බව පැහැදිළිය.

රටේ පිෂ්ඨධාතු අවශ්‍යතාවයෙන් 35%ක් තිරිගුපිටි(පාන්පිටි)වලින් සපුරා ගන්නා සෙයක්

Tuesday, May 14, 2013

බැඩ්මින්ටන් ක්‍රීඩාවේ සියුම් රහස්.



මෙම ක්‍රීඩාව ලොව ඇති වේගවත්ම ක්‍රීඩා වලින් එකක් ලෙස සැලකිය හැකියි.නමුත් මෙම කියමන සත්‍ය වන්නේ තරගයකදී ක්‍රීඩා කරන ක්‍රීඩකයින්ගේ හැකියාව හා ඔවුන් ක්‍රීඩා කරන ආකාරය අනුවයි.යමෙකු මෙහිදී සෙමින් ක්‍රීඩා කරන්නේ උපක්‍රමයක් ලෙසට වන්නට පුළුවන.නමුත් පොදුවේ ගත්විට මෙම ක්‍රීඩාවේ සමතෙකු වීමට තමා තුළ පවත්නා වේගවත්බව(ප්‍රතික්‍රියා දැක්වීමට ඉතා ඉක්මනින් හැකිබව)ප්‍රධානම අවිය බව කිව යුතුමය.
නමුත් බොහෝ ක්‍රීඩකයන් වේගවත් බව යනුවෙන්

Thursday, May 9, 2013

ආදරයේ තරම.



එක් තරුණයෙක් හා තරුණියක් ඉතා තදින් ආදරයෙන් වෙලී සිටියෝය.ඔවුන් දෙදනා කෙතරමි නම් එකිනෙකාට ආදරය කරනවාද කියතොත් එක් දිනක්වත් ඔවුන් නොදැක සිටිය නොහැකි විය.දිනපතා තමන් සේවය නරන වැඩපලේදී පවා එකිනෙකා නිතර නිතර බැහැදැකීමට පුරුදුව සිටියේය.ඔවුන්ගේ ආදරය ඉතාම අවංක හා පිවිතුරු විය.පසුව ඔවුන් විවාහ වීමටද සැලසුම් සකස් කරන ලදී.

මේ අතර දිනක් තරුණයා

Wednesday, May 8, 2013

දකුණට යන්නට උතුරට කරත්තය පැදවීම.



සංවර්ධනය සදහා නූතන රාජ්‍යයන් ගන්නාවූ ක්‍රියාමාර්ග බොහොමයක් උක්ත කාරණාව හා බැදෙන්නේ නිතැතිනි.අදූර දර්ශී මැති ඇමති වරුන් මෙන්ම අතාර්කික දැනුම මේ සදහා බෙහෙවින් හේතුවී තිබේ.
එය පහත අයුරින් කදිම ලෙස පහදා දිය හැක.

බොහෝම ඉස්සර දිනක මහා මාර්ගයේ කරත්තයක් පැද යමින් තිබිණ.එසේම එම කරත්තය මත එක් මිනිසෙක් අසුන් ගෙන සිටියේය.කරත්තය පදවන්නාද