Tuesday, May 21, 2013

ඇපල් වත්තේ රහස් වලින් උකහා ගත් ලංකාවේ සංවර්ධනය.



යම් අවශ්‍යතාවකට වෙළදපලෙන් පළතුරු මිළදීගැනීමට ගියවිට රසය ගුණය පසෙක ලා ඒවායේ මිළගනන් විමසීමට පෙළඹෙන්නේ නිතැතිනි.ඒවා මිළට ගතයුත්තේ මුදල්ගෙවා වන බැවින් එය සාධාරනය.

නමුත් මා විශ්මයට පත්වූයේ හොද තත්ත්වයේ ඇපල්ගෙඩියක් රුපියල් 30 කට පමණ මිළකට ගතහැකිව තිබුනත් හොද තත්ත්වයේ අඹගෙඩියක් හෝ පැපොල් ගෙඩියක් මිළදී ගැනීමට රුපියල් 100 ක පමණ මිළක් ගෙවීමට සිදුව තිබීමයි.
මෙහි පුදුම සහගත කරුණ වන්නේ ඇපල් ගෙන්වන්නේ පිටරටකින් වීමත් අඹ,පැපොල් වැනි දෑ අපරටේ දේවල් වන නිසාත්ය.එක්කෝ මෙම ඇපල් ලංකාවේ බේකරියක නිශ්පාදනයක් වත්ද?එසේත් නැත්නම් වියහැකි පරිද්දෙන්ම අඹත් පැපොලුත් අපේ ගොවියාටත් හොරා පිටරටින් ගෙන්නපු ඒවා වත්ද?

ජනතාව පාන්පිටි මිශ්‍ර ආහාර
අනුභවය අඩුකිරීමට ගත් ක්‍රියා පිළිවෙත වූයේ හැකිතාක් පාන් මිළ ඉහල දැමීමමයි.

එසේනම් ඇපල්  මිළ අඩුවෙන් තිබීමෙන් අදහස් වන්නේ ඒවා කෑමට අප පුරුදු විය යුතු බවක් වත්ද?එසේම අඹ,පැපොල් ආදිය අනුභවය නැවැත්වීමට වත්ද?

සැතපුම් දහස් ගනනක් ඈත රටක පිහිටි ඇපල් වත්තකින් ලබාගන්නා ඇපල් ගෙඩි නෙළීම,ඇසිරීම,ප්‍රවාහනය,නැව්ගතකිරීම,බෙදාහැරීම ආදී අවස්ථාවන් ගනනාවක් පසුකර අවුත් තීරුබදු ආදියද ගෙවා මෙරටදීත් ඇසිරීම,ප්‍රවාහනය,බෙදාහැරීම  මෙන්ම වෙළදුන්ගේ ලාභ,තැරුව් කරුවන්ගේ ලාභ,කඩ කුළී ආදියද ගෙවා වෙළදාම සම්බන්ධ කාර්යයේ යෙදෙන හා ඒහා සම්බන්ධ වන සියළු දෙනාටම සෑහෙන ලාභයක් උපයා දෙමින් ,මෙරට පාරිභෝකිකයා අතට රු 30 ක් වැනි මුදලකට දීමට නම් පිටරට ඇපල් වගාකරන ගොවියාගෙන් ඇපල් ගෙඩියක් මිළට ගතයුත්තේ කීයකටද?

නියත වශයෙන්ම එය රුපියලක් හෝ දෙකක් වැනි මුදලක් විය යුතුමය.ගෙඩියක් එතරම් සුළු මුදලකට විකුනා ගොවියාට සෑහෙන ආදායමක් ලබාගැනීමට නම් වගාබිම ඉතා විශාල එකක් වියයුතුය.
එසේම විශාල ඵලදාවක් තිබෙන වගාබිමක් විය යුතුය.එනිසා එක් ගෙඩියකට ඉතාම සුළු ලාභයක් පමණක් තබා ගෙන ඔවුන් නිශ්පාදන අලෙවි කරයි.ඒනිසාම ඒවා වතුවල කුණු නොවී සැනින් අළෙවි වෙයි.ලාභ දායී නිසා ජනතාවද වැඩියෙන් පරිභෝජනය කරයි.පිටරට ගොවියා දියුනු වන්නේ එසේය.

අපේරටේ අල්ලක් තරම් වත් ඉඩනැති ඉඩමකින් ලබාගන්නා හුණ්ඩුවක් තරම් ඵලදාව කොපමණ මිළකට විකුණා කොපමණ ආදායමක් ලාභයක් ලබා ගන්නද?

එම ලාභයද කෘමිනාශක,පොහොර,ශ්‍රමය හා වෙළදුන්ට හා තැරුව් කරුවන්ටත් වශයෙන් සේදීයන කල කවර සංවර්ධනයක්ද?

ඒ නිසා අකමැත්තෙන් වුවද කරුණු මෙසේ විශ්ලේශණය කරමු,

1-ජීවන වියදම පහල දැමීමට නම් ආහාර ද්‍රව්‍ය වල මිළ අඩුකල යුතුය.
2-ආහාර දව්‍ය වල මිළ අඩුකිරීමට නම් ගොවියාට අඩු මිළක් ගෙවිය යුතුය.
3-අඩුමිළට ආහාර ද්‍රව්‍ය විකුණන ගොවියාට හොද ආදායමක් ලබා දීමට නම් ඔහුගේ නිශ්පාදන ප්‍රමාණය විශාල කල යුතුය.
4-නිශ්පාදන ප්‍රමාණය විශාල කිරීමට නම් ගොවියා වගා කරන ගොවි බිම් විශාල කල යුතුය.
5-ඉඩම් ප්‍රමාණය ක්‍රම ක්‍රමයෙන් කුඩාවන නිසාත් මුදල් නොමැති නිසාත් ගොවිබිම විශාල කල නොහැක.
6-ඒ නිසා කිසි විටෙකත් ජීවන වියදමද අඩු කල නොහැක.
7-මේනිසා වගා කිරීමෙන් කෙසේවත් ලංකාවේ දියුනු විය නොහැක.

මේනිසා බුද්ධිමත් එකදු ගොවියෙකු හෝ සිටීනම් ගොවිතැන අත්හරිනවා නියතය.එවිට සියල්ල පිටරට වලින් ගෙනආ හැකිය.එසේම අපට තවත් ලාබෙට ඇපල් කන්නටත් හැකිය.සංවර්ධනය කියන්නේ මේකටය.(මේකටද?)  

1 comment:

  1. අතීතයේ හිටපු මහා විදයාඥ අයිසෙක් නිව්ටන්ටත් වුනේ මේ ටිකම තමා.මේ යෝදයා ඇපල් ගෙඩියක් ගහක ඉදන් බිමට වැටෙනව දැකලනෙ ඔය කියන ගුරුත්වා කර්ෂණය කියන න්යාිය ලෝකෙට හදුන්වල දුන්නේ.ඇපල් ගෙඩි තිබුනෙ නැත්නම් ගුරුත්වා කර්ෂණයත් අපට නැතිවෙන්න තිබුනා..එහෙනම් අපිත් ලංකාවෙ රුපියල වගේ තවම උඩ පාවෙනව...

    ReplyDelete