Tuesday, May 21, 2013

ජීවන වියදම අඩුකිරීම නොහොත් ගොවියා මට්ටු කිරීම.



ජීවන වියදම ගනනය කිරීමේදී සාමාන්‍ය ජනතාවට මුදල් වැයකිරීමට සිදුවන අංශ රුසක් ඇතුලත් කරගනු ලැබුවද ඒවායින් වැදගත් තැනක් ගනු ලබන්නේ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය පිළිබද මිළ ගනන් වේ.
අත්‍යාවශ්‍ය ආහාර වර්ග අතර වී,මිරිස්,ළුනු,එලවළු,අර්තාපල් ආදී නොයෙකුත් වර්ගද ඇතුළත් වේ.එසේම ලංකාවේ ජනයා මෙම වර්ග බෙහෙවින් පරිභෝජනය කරයි.
එසේනම් ජීවන වියදම අඩුකිරීමට නම් ඉහත කී වර්ගවල මිළ ගනන් පහත හෙලීම අනිවාර්යය.( ජීවන වියදම අඩුකිරීමට අවංකවම අවශ්‍ය නම් පමණි)

නමුත් අපේරටේ සිටින විශාල පිරිසක් වී,මිරිස්,ලූනු,එලවළු,අර්තාපල් ආදිය වගාකරන කුඩා ඉඩම් හිමි ගොවියෝ වෙති.
එහෙයින් මෙම ආහාර ද්‍රව්‍යවල මිළ වැඩි නොකොට ඒවායේ වගාකරුවන්නේ(ගොවි ජනතාවගේ) ජීවන තත්ත්වය උසස් තත්ත්වයකට ගෙන ඒමට කිසිසේත් නොහැක.( ජීවන තත්ත්වය උසස් කිරීමට අවංකවම අවශ්‍ය නම් පමණි)
ප්‍රශ්නය මතුවන්නේ
මෙවිටය.
මේ අනුව බලන විට අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිළ මාස්පතා වැඩිවීමට පටන් ගතහොත් මාසිකව එකම වැටුපක් ලබන අයගේ බඩට පහර වැදේ.මිළ අඩුකලහොත් ගොවීන්ගේ බඩට පහර වැදේ.

මැතිවරණයකට පෙර  කාලසමයේදී ගොවිජනතාවගේ ජීවන තත්ත්වය නගාසිටුවන බව ඡන්ද වේදිකාවන් වල රැව් පිළිරැව් දෙයි.ඒ අනුව ගොවිතැනට මුල්තැන ගැනීම සදහා ජනයා තම ඡන්දය සිත්සේ මොවුන්ට ලබාදෙයි.
එසේ වීමේ පුදුමයක් තිබේද? නොමැත.

නමුත් බලය ලබාගත් පසු එසේ සිදුකර තිබේද?නොමැත.

නැවතත් පැන නගින්නේ ගැටළුවකි.

බලය ලබාගත් පසු රජය හොදින් පවත්වාගෙන යාම සදහා අවශ්‍ය වන්නේ ගොවීන්ගේ හොදහිත නොව වැටුප් ලබන කාර්යාලයීය රාජ්‍ය සේවා අංශයේ හොද හිතයි.ඒනිසා මෙම දෙපාර්ශවයම සතුටු කිරීම සදහා වරින් වර ආණ්ඩුව විසින් 

*සහතික මිළ ක්‍රම හදුන්වා දීම හා නැවත ඒවා අහෝසි කිරීම
*පිටරටින් ආහාර ද්‍රව්‍ය ගෙන්වීම හා නැවැත්වීම
*පොහොර සහනාධාරය දීම හා නැවැත්වීම
*ගොවි ණය දීම හා නැවැත්වීම
*ගොවි ණය සදහා පොළිය අයකිරීම හා කපාහැරීම

වැනි තාවකාලික විසදුම් පමණක් භාවිතා කරන අයුරු පෙනෙන්නට තිබේ.වරෙක පාරිභෝගිකයාට සහන සැලසීමටද තවත් විටෙක ගොවි ජනයා හට සහන සැලසීමටද රජයට සිදුවේ.ආණ්ඩු මට්ටු වන්නේ දැන්ය.
නමුත් ආහාර පෝෂණ ඇමතිවරු මේ උභතෝකෝටිකයට කෙසේනම් පිළිතුරු සොයන්නද?

No comments:

Post a Comment