Wednesday, May 22, 2013

නවීන තාක්ෂණික දැනුම ගෙනෙන විශ්මිත ප්‍රථිඵල.



වාරිමාර්ග ප්‍රතිසංස්කරණය කිරීමත් පුරන් වූ ඉඩම් යළි අස්වැද්දීමත් ආදී ක්‍රියාමාර්ගද ගෙන එයින්ද නෙනානැවතී වඩා වේගවත් ආහාර ද්‍රව්‍ය නිශ්පාදන ක්‍රම වලට නැඹුරුවී ඉක්මනින්ම දියුනුවීමට(කඩිනම් ව්‍යාපාර) අප විසින් ගෙන ඇති පියවර බොහෝය.
මෙයින් බලාපොරොත්තු වූයේ විශ්මය ජනක අස්වැන්නක් ලබාගැන්මයි.
ඒඅනුව කටට හුරු ගොවියාට පුරුදු වී වර්ග වෙනුවට ඉංග්‍රීසි නම්වලින්,අරාබි ඉලක්කම් වලින් හා රෝම අකුරුවලින් හැදින්වෙන පළදාව නියත දෙමුහුන් වී වර්ග(පිටරට ඒවා අපිට නැතුවම බැරිය) වැපිරීම ආරම්භ කරන ලදී.


එසේ ලබාගත් විශ්මය ජනක ප්‍රථඵලය නම්,




*මෙම දෙමුහුන් වී වැපිරීම සදහා සාමාන්‍ය දේශීය නගුල් ප්‍රමාණවත් නැත.ගැඹුරට සී සෑ යුතුය.මේ අනුව ට්‍රැක්ටර් වලින් සී සෑම ආරම්භ විය.

*මෙසේ අධික අස්වැන්නක් ලබාදෙන වී සදහා උසස් ගනයේ සාත්තුවක් අත්‍යාවශ්‍යය.එයට අපේ දේශීය පොහොර ප්‍රමාණවත් නොවීය.මේ අනුව නවීන රසායනික පොහොර භාවිතය ආරම්භ විය.

*මේවා ප්‍රබල ක්‍රියාකාරී පොහොර නිසා පෙර කවරදාවත් දැක නැති අමුතුම තාලේ වල් පැලෑටිද ලියදි වල මතුවෙන්නට පටන් ගනී.ඒ නිසා වල්පැලෑටි නාශක රසායනික ද්‍රව්‍ය යෙදීම ආරම්භ විය.

*මෙම රසායනික ද්‍රව්‍ය ක්‍රියා කාරිත්වය නිසා පෙර නොවූ වර්ගවල රෝග,පණුවන්,කෘමීන් බෝවී වගාව නසනු පෙනේ.ඒ නිසා අති ප්‍රබල පළිබෝධ නාශක ඉසීම ආරම්භ විය.

*මෙම පළිබෝධ නාශක නිසා කුඹුරුවලට ආ කුරුල්ලන් වක්කඩ වල සිටි තිත්ත පැටව් කූනිස්සන් ආදී සියලු දෙනා විනාශවී ඇත.ජලයද අපවිත්‍ර වීම නිසා බීමට ජලය ලබා ගැනීමේ ගැටළුව ආරම්භ විය.  

මෙන්න නියම ක්‍රම.දැන් වී අස්වැන්න ඉතාම සරුය.(ලෙඩා මළත් බඩ සුද්දය)

එසේනම් මේ වස බී ජීවිතය නැතිකරගන්නේ ඇයි. ගොවියන්ට පිස්සුද?

ඔව් ,පිස්සුය, පිස්සු ඩබල්වී ඇත.

නමුත් පිස්සු හැදෙන්නේ මෙසේය,

*ඉතින් මේ සී සාන ට්‍රැක්ටර් අපට නිකම් ලැබෙන්නේ නැත.ඒවා මුදල්දී මිළට ගතයුතුය.නැත්නම් කුළියට ගත යුතුය.ඒවාට අවශ්‍ය වන්නේ මුදල්ය. 

*එසේම රසායනික පොහොර,කෘමි නාශක,පළිබෝධ නාශක ද අපට නිකම් ලැබෙන්නේ නැත.ඒවාට අවශ්‍ය වන්නේ  ද මුදල්ය.

*ගොවියා මුදල් සොයන්නේ කෙසේද?ඇයි ?බැංකු ඇත්තේ එයට නොවේද?පොළිය සාධාරනයි, ගෙවීම පහසුයි.දැන් ගොවියා වගාණය ගැනීම ආරම්භ කරයි.

*වැස්සෙන් මුළු කුඹුරු යායම යටවන්නේ ගොවියා කපෝති කරමිනි.දැන් වගාව පාලුය.ණය ගෙවන්නේ කෙසේද?

බිය නොවන්න.

ඒ සදහා විසදුම පළිබෝධ නාශක ඇසුරුමේම දක්වා ඇත.

පළිබෝධනාශක අනතුරු සහිතයි.ප්‍රෙව්ශමෙන් පරිහරණය කරන්න.

No comments:

Post a Comment