Monday, May 20, 2013

ඩෙංගු මර්දනය හා මදුරුවන් බෝකිරීම.



ඩෙංගු මදුරුවන් මර්දනය නූතනයේ ජාතික ප්‍රතිපත්තියක් තරමට ප්‍රබලව ක්‍රියාවට නංවමින් තිබෙන්නකි.ජනතාව දැනුවත් කිරීමෙන් නොනැවතී ඒවා කඩකරන ජනතාව සිරගෙට යැවීම දක්වා නීති රීති මාලාවක් දැනටමත් මෙයට අනුගතව ක්‍රියාත්මක වෙමින් ඇත.
අප පාසලේද බොහෝ දිනවල පැයගනන් කාලය ගතවන්නේ මෙම ඩෙංගු මර්දනය උදෙසාය.(මදුරු මර්දනයට වඩා මුදලින් දඩගෙවීමට සිදුවේයැයි විදුහල් පතිතුමා දැඩි බියෙන් පසුවන සෙයකි)
දැන්වත් ඩෙංගු මදුරුවන් මර්දනය කර තිබේද?
නැත.

අවුරුදු දහයකට පෙර මදුරුවන් නොසිටි ප්‍රෙද්ශවලද
දැන් ඔවුන් සැපසේ වාසය කරති.සකස් කර තිබෙන්නේ මදුරුවන් එළවන උපාය මාර්ගවිනා ඔවුන් නසන උපක්‍රම නොවේ.

ඩෙංගුමදුරුවා පිරිසිදු ජලයේද බෝවේ.එසේම එම බිත්තර දින ගනනාවක් ජලය නැතිව තිබුනද විනාශ නොවේ.ජලය ලද සැනින් යළි සක්‍රීය වේ.යනාදී කාරණා  නිසා අන්මදුරුවන්ට වඩා විනාශකිරීමට අපහසු වර්ගයක් ලෙස පෙනීයාම ඇත්තටම සාධාරණය.
නමුත් මදුරු මර්ධන ව්‍යාපාරයේ මොනම අවස්ථාවකදීවත් ඩෙංගු මදුරුවා පමණක් ඉලක්ක කළේ නැත.
සිදු කළේ මදුරුවන් බෝවිය හැකි සියළු ස්ථාන විනාශකිරීම නොවේද?
එසේනම් අනෙක් මදුරුවර්ග බෝවී සිටින්නේ කෙසේද?
අසාර්ථක භාවය පෙනෙන්නේ මෙවිටය.

අන්මදුරුවන්ට වඩා  ඩෙංගු මදුරුවා විනාශකිරීමට අපහසුය යන්නන සත්‍යක් නම්(එය සත්‍යබව පැහැදිළිය),පහත සදහන් කරුණු වලින් එකක් හෝ අනිවාර්යයෙන් සත්‍ය විය යුතුමය.

1-දැනුදු බොහෝ මදුරුවන් සිටින හෙයින් උන් සියල්ල ඩෙංගු මදුරුවන් විය යුතුය.

2-නොඑසේනම් ඩෙංගු මර්දන වැඩසටහන් වල කිසිදු සාර්ථකත්ත්වයක් නොමැත.(නැත්නම් හරියට ක්‍රියාත්මක කොට නොමැත)

ඇත්ත තිත්තය.නමුත්  එය පිලිගැනීමට  කිසිවෙකු නැත.

මේඅනුව මදුරු දගර හා දැල් ජාවාරමෙන් ,කලින් කල ආරම්භ කෙරෙන මදුරුමූලික රෝග නිවාරන ජාවාරම් වලින් සෑහෙන ධනස්කන්ධයක් හා රුකියා සංඛ්‍යාවක් ජනනය වන නිසා මදුරුවන්ට සාත්තු සප්පායම් කිරීම සංවර්ධන වැඩ පිළිවෙලක් වීමටද ඉඩ ඇත.

එසේම සාර්ථක ලෙස පවත්වාගෙන ගිය මදුරු සංහාර වැඩ පිළිවෙල නිසා මෙරට මදුරු ගහනය තදින් පහල වැටී ගියේය.ඉතිරී වී සිටින මදුරුවන් ගනන සංඛ්‍යාත්මක වශයෙන් ඉතා පහල මට්ටමක පවතින නිසා සංහාරක වැඩ පිලිවෙළ අත්හැර දමනු ලැබ ඇතැයි විශ්වාස කෙරේ.
ඒ කරුණ සැබෑනම් ගත් පියවර නිවැරදිය.නමුත් පොඩි අඩුපාඩුවකට ඇත්තේ ඉතිරිවී සිටි මදුරුවන්ට උත්පත්ති පාලනය අනිවාර්ය නොකිරීම පමණි.

No comments:

Post a Comment