Monday, May 20, 2013

ලංකාව සහලින්(පිටරට) ස්වයංපපෝෂිත කිරීම.



අප නිදහස ලබා මේවන විටත් වසර 65 ක් ගතවී ඇත.දේශපාලුවන් කියූ පරිදි දැන්වත් මෙරට සහලින් ස්ව්‍යංපෝෂිත වී තිබේද? නැත.
ඒසදහා පිටරටින් ගෙන්වන සහල් ප්‍රමාණය අඩුකර ඇත.නමුත් පාන්පිටි ගෙනඒම නතර කොට නැත.එසේම සහල් ගෙන්වීම අඩුකර ගැනීම සදහා  ජනයා යහමින් ගිලදමන පාන් පිටි ද ආධාරවී ඇති බව පැහැදිළිය.

රටේ පිෂ්ඨධාතු අවශ්‍යතාවයෙන් 35%ක් තිරිගුපිටි(පාන්පිටි)වලින් සපුරා ගන්නා සෙයක්
පෙනෙන්නට තිබේ.ඉහත කාලයේදී උදේට රොටියක් ,පිට්ටු කෑලි දෙක තුනක් ආහාරයට ගත්උදවියද දැන් දැන් පාන් කති.

රටට අවශ්‍ය පිෂ්ඨ ප්‍රමාණයෙන් 95%ක් පාන් පිටිවලින් සපුරා ගන්නට හැකි වුවහොත් ,සහල් අපනයනය කොට නව පැරකුම් යුගයක් උදාකෙරුවෙමු යැයි උදම් අනන්නට  හැකියාවද ඇත.

 පසුව මේවා සංඛ්‍යා ලේඛන අනුව සසදා සංවර්ධනයේ හිනිපෙත්තටම පැමිණිබව පෙන්වීමටද කටයුත කරනු ඇත.මහ බැංකුවේ අධිපතිතුමාද එම සංඛ්‍යා ලේඛණ සැනින් සත්‍ය බව තහවුරු කරනු ඇත.සංඛ්‍යා ලේඛණ වලට අනුව නම් දැන් අපරට සහලින් ස්ව්‍යං පෝෂිතවී තිබේ.


ලංකාවේ ජනයාට අතිශය ප්‍රෙයෝජනවත් ද්‍රව්‍යයක් බවට සහල් හා වී පත්වන්නේ එය ලබාගතහැකි ප්‍රමාණය සහ ඒ වෙනුවට භාවිතා කිරීම සදහා වෙළදපලේ ඇති සෙසු ද්‍රව්‍ය වල මිළ ගනන් අනුවය.

සහල් මිළ පහත වැටුනහොත් දවසකට එක්වේලක් පමණක් බත් කන අය තුන් වේලටම බත්කන්නට ඉඩ ඇත.අනෙකුත් කැවිලි වර්ග ආදියද සහල් පිටිවලින්ම සාදාගන්නට ඉඩ තිබේ.පහල තත්ත්වයේ වී මිළ හොදටම අඩුවුවහොත් කුකුළු කෑම සදහා වුවද වී භාවිත කරන්නට පුළුවන.

එබැවින් යම් විටෙක අපරට සහලින් ස්ව්‍යං පෝෂිත යැයි පැවසිය හැක්කේ පිටරටින් සහල් ගෙන්වීම අනවශ්‍ය වුන විටදී නොවේ.පිටරට වලින් ගෙනෙන පිෂ්ඨ වර්ගද නවත්වා දමා එසේවන විටදීත් රට පැටවිය හැකි තරම් සහල් අතිරික්තයක් ලංකාව තුළ නිෂ්පාදනය වන්නේ නම් පමණි.

අතීත පැරකුම් යුගය එවැන්නකි.

No comments:

Post a Comment