මෙම ක්‍රීඩාව ලොව
ඇති වේගවත්ම ක්‍රීඩා වලින් එකක් ලෙස සැලකිය හැකියි.නමුත් මෙම කියමන සත්‍ය වන්නේ
තරගයකදී ක්‍රීඩා කරන ක්‍රීඩකයින්ගේ හැකියාව හා ඔවුන් ක්‍රීඩා කරන ආකාරය අනුවයි.යමෙකු
මෙහිදී සෙමින් ක්‍රීඩා කරන්නේ උපක්‍රමයක් ලෙසට වන්නට පුළුවන.නමුත් පොදුවේ ගත්විට
මෙම ක්‍රීඩාවේ සමතෙකු වීමට තමා තුළ පවත්නා වේගවත්බව(ප්‍රතික්‍රියා දැක්වීමට ඉතා
ඉක්මනින් හැකිබව)ප්‍රධානම අවිය බව කිව යුතුමය.
ක්‍රීඩකයා තැනෙක
සිට තවත් තැනකට ගමන්කිරීම හැකිතාක් වේගවත්ව කිරීම ප්‍රධානම කාරණය වේ. ක්‍රීඩකයා
තැනෙක සිට තවත් තැනකට ගමන්කිරීම ඉතාම අඩු කාලයක් තුළ සිදුකිරීම ට හැකිබව
සාර්ථකත්වයේ මුල්ම අවියයි.මෙය දිවීමෙන් කල නොහැක.එසේ කළොත් එය වැරදිය.හැකිතාක්
පහත්වී ඉතාදුරින් අඩි තබමින්(steps) ක්රමාණුකූලව එය පුහුනු විය යුතුය.
මෙම ක්‍රීඩාව ලිපි කියවීම තුළින් ඉගැන්වීමට,
ඉගෙන ගැනීමට නොහැකි බව මා හොදාකාරව දන්න නිසා ක්‍රීඩාවේ නියලෙන ක්‍රීඩාව ගැන දන්නා
අය සදහා අත්‍යාවශ්‍ය කාරණා කීපයක් පමණක් පහත පරිදි දක්වමි.
1-පහත්වී
සිටින්න(පහත් වී සිටින ඉරියව්ව)(stay low)
මෙය අතිශයවැදගත්
වේ.මෙයින් ප්‍රධාන වාසි දෙකකි.ප්‍රතිවාදී ක්‍රීඩකයා එල්ල කරන ස්මෑෂ් පහරවල්
පහසුවෙන් ගොඩ ගැනීමට හැකිවන්නේ මේ නිසා වෙනි.එය පළමු වැන්නයි.මෙහිදී පහල ඉරියව්ව
තුළ ගොඩගැනීමේදී(defense)පහත් වීමට යන කාලය
අඩුවේ.එසේම දිගුවෙලාවක් මල(shuttle)දැකීමට හැකිවන නිසා මල ඇති ස්ථානයට ගමන් කිරීමට
ත් පහසුවේ.
දෙවන වාසිය වන්නේ
නැමුනු පාද වලින් ඉතා ඉහල ඉක්මන් ඉහල පැනීමක්(jump) ලබාගත හැකිවීමයි.සෘජුවු පාදවලින් උඩපැනීම අපහසුය.
2-මලේ ඉහලම
අවස්ථාවක් පහර එල්ලකිරීමට යොදා ගන්න.(Hit high)
![]() |
පහත්වූ ඉරියව්ව තුළ සිටියද මලේ හැකි ඉහලම අවස්ථාව පහර සදහා යොදා ගනී |
මෙසේ වන විට මලේ වේගය උපරිමයෙන් ප්‍රතිවාදියාට දැනෙන්නට සැලැස්විය හැක.එසේම ඉහල කෝණයකින් එල්ල කරන පහරවල් වලට ප්‍රතිවාදියාට ප්‍රතික්‍රියා දැක්වීමට ඇත්තේ ඉතා සුළු වේලාවකි.
ස්මෑෂ් පහරක්නම් එය
ක්‍රීඩාපිටියෙන් පිටතට යාමට ඇති අවස්ථාවද අවමය.
3-විවෘත ප්‍රදේශ
පිළිබද සම්පූර්න අවධානය යොමු කරන්න.(Think about open spaces)
මේ ක්‍රියාව තුළින්
ඕනෑම ශූරයෙකු පැරදවිය හැක.එනම් ක්‍රීඩකයා නොමැති ස්ථානයට පහර එල්ලකලහොත් සිළුම
ආකාරයේ පහරවල් ප්‍රතිවාදියා සතුවුවද,ඒවායින් ප්‍රයෝජනයක් නොමැත.මක්නිසාද යත් එම
පහර ගොඩ ගැනීම සදහා ඔහු එතන නොසිටින බැවිනි.(ඔබ යමෙකුට පරදින්නේද මේ හේතුව නිසාමය)
(මෙහි කහ පැහැයෙන් දක්වා ඇති ප්රෙදේශ විවෘතව පවතී.මෙම ස්ථාන වලට පහර එල්ල කිරීමට ඔබ සැලකිලිමත් විය යුතුය)
(එසේම රතුබැහැයෙන් දක්වා ඇති ප්‍රෙද්ශ ඒඅතරිනුත් සුවිශේෂී වේ)
4-මල දෙසට ඉක්මනින්
ගොස් හැකි ඉක්මනින් පහර එල්ල කරන්න.(go towards the shuttle)
![]() |
ස්මෑෂ් කිරීමකදී වුවද මල දෙසට ගොස් පහර දෙයි |
![]() |
ඩ්‍රොප් කිරීමකදී වුවද ද මල දෙසට යාම ඉතාම වැදගත්ය. |
මල තමා දෙසට ඒමට
වැඩිවේලාවක් දුන හොත් එයින් සිදුවන්නේ තම ප්‍රතිවාදියාට සූදානම් වීමට වැඩි වේලාවක්
ලබා දීමයි.මේ නිසා මලට තමා සමීපයට ඒමට කාලය නොදී එය වෙතට ගමන් කර පහර දෙන්න.මෙයින්
තම ප්‍රතිවාදියාට සූදානම් වීමට කාලයක් නොලැබේ.
5-ඉතා හොද තරග
සැලැස්මක් අනුව ක්‍රීඩා කරන්න.(set the game plane)
තරග සැලැස්ම ඉතා
වැදගත්.ප්‍රතිවාදියාගේ ස්වභාවය අනුව එය සකස් කර ගතයුතුයි.උදාහරණයක් ලෙස තම ප්‍රතිවාදියා
උස පුද්ගලයෙකු නම් ඉතාපහලින්(මලේ ගමන් මග) ක්‍රීඩා කිරීමත් ඔහු මිටි පුද්ගලයෙක්
නම් ඉතා ඉහලින් ක්‍රීඩා කිරීමත් සාර්ථක විය හැක.දිනමින් සිටින විට සැලසුම් වෙනස්
නොකරන්න.නමුත් තමුන් පරදිමින් සිටීනම් හැකි ඉක්මනින් සැලැස්ම වෙනස් කරන්න.සාර්ථක
සැලසුම් බොහොමයක් ඇති තැනැත්තා දක්ෂ ක්‍රීඩකයෙකි.
6-ක්‍රීඩාව
හැකිතාක් ප්‍රමාද කරන්න.(Delaying game)
අවශ්‍ය වන්නේ කෙසේ හෝ
තරගය ජයගැනීම මිස හැකි ඉක්මනින් එය කිරීම නොවේ.ප්‍රමාදය තුළ තමාට ප්‍රතිවාදියා
පිළිබද අවබෝධයක් ලබාගත හැකියි.එසේම වෙහෙස ද අවම කරගත හැකියි.
7-තරග කරන වේගය
පාලනය කරන්න.(Control pace of the game)
වේගවත් පහරවල්(smash) තරමටම සෙමෙන් එල්ල කරන(drop
shots) පහරවල්ද
වැදගත්ය.මේ ක්‍රම දෙකම ලකුණු ලබා ගැනීමට අවශ්‍යය.මේවා අනෙකා නොමග යන අයුරින් උපක්‍රම
ශීලීව යොදාගත යුතුය.
නමුත් දෙදනා බැගින්
(doubles game)ක්‍රීඩාකරන විට
සෙමෙන් එල්ලකරන පහරවල්(drop shots) අර්ථ රහිතය.එනම් එහිදී විවෘත ස්ථාන අවම වීමය.සෙමෙන් මලක් බිම පතිතවීමට
එහිදී ඇති අවස්ථාව අවමය.නමුත් තනිව ක්‍රීඩා කරන විට මෙය වැදගත්ම අවියකි.
මෙය පුහුණුවී අනුගමනය කර බලන්න.ඔබට ජය නියතයි.
http://www.youtube.com/watch?v=YB-PPCoJwWY
ඉස්සරහටත් මේ වගේම බැඩ්මින්ටන් ක්‍රීඩාවේ රහස් ටිකක් ගැන දාමු..........
ReplyDeleteලිපියට බොහොම ස්තූතියි.