Thursday, May 9, 2013

ආදරයේ තරම.



එක් තරුණයෙක් හා තරුණියක් ඉතා තදින් ආදරයෙන් වෙලී සිටියෝය.ඔවුන් දෙදනා කෙතරමි නම් එකිනෙකාට ආදරය කරනවාද කියතොත් එක් දිනක්වත් ඔවුන් නොදැක සිටිය නොහැකි විය.දිනපතා තමන් සේවය නරන වැඩපලේදී පවා එකිනෙකා නිතර නිතර බැහැදැකීමට පුරුදුව සිටියේය.ඔවුන්ගේ ආදරය ඉතාම අවංක හා පිවිතුරු විය.පසුව ඔවුන් විවාහ වීමටද සැලසුම් සකස් කරන ලදී.

මේ අතර දිනක් තරුණයා
තම පෙම්වතියට නාට්‍යයක් බැලීමට යාමට ආරාධනා කළේය.සුප්‍රසිද්ධ නළු නිලියෝ එහි රගන බැවින් එය නැරඹීමට පැමිණි ජනගහනය ඉතා විශාලවිය.
♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥
දහසක් පමණ මහා සෙනගකින් නාට්‍ය ශාලාව පිරී ඉතිරී තිබුනෝය.නාට්‍ය ආරම්භ වී මදක් පමණ රගදැක්වෙමින් තිබුණි.අසුන් වල සිටිමින් නාට්‍ය නරඹමින් සිටි සැමදෙනාටම එක්වරම  යමක් ගිනිගෙන පිළිස්සෙන සුවදක් දැනුනේය.

බියවූ මිනිසුන් ,,,ගින්නක්  ගින්නක්,,,යැයි කයමින් මහ හඩින් මොර ගෑහ.
නාට්‍ය ශාලාවේ සිටි සැවෙම කලබල වූහ.නරඹන්නෝ බියවී හඩන්නටත් කෑගසන්නටත් පටන් ගත්හ.

සෑමදෙනාම නාට්‍ය ශාලාවේ දොර දිසාවට දුවන්නට පටන් ගත්හ.මෙවන් අවස්ථාවක සැමදෙනාම අනුන්ට උදව් කරනවාට වඩා තම ජීවිතය බේරාගැනීමට සිතීම සාමාන්‍ය තත්ත්වයකි.

තරුණයාගේ එකම ප්‍රතික්‍රියාව වූයේ  හැකිවේගයෙන් දොර දිශාවට දිවීමයි.ඔහු දිවීමට දක්ෂ බැවින් ඉක්මනින්ම නාට්‍යශාලාවෙන් පිටතට පැමිණියේය.ශාලාවෙන් පිටතට පැමිණි ඔහුට තම පෙම්වතිය තවමත් ශාලාව තුළ බව මතක් විය.
ඔහු නැවත ඇතුළට ගොස් ඇයව බේරා ගැනීමට උත්සාහ කළත් අසාර්ථක විය.
♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥
එයට හේතුව දොර දෙසින් සෙනග තෙරපමින් තල්ලු කරමින් එළියට ඒමයි.තරුණයා මහත් දුකටත් නොයිව සිල්ලටත් පත්විය.
අවසානයේ මිනිසුන් සියළු දෙනා නාට්‍ය ශාලාවෙන් පිටතට පැමිණියෝය.

ඔවුන් අතර තම පෙම්වතිය ද සිටියාය.ඇය තරුණයා ලගටම පැමිණ ඔහු පසුකර ගයත් ඔහුදෙස බැලුවේවත් කතානළේවත් නැත.ඔහු ඇයට කතාකලත් නෑසුනාසේ නිහඩවම ගියාය.හැරී බැලුවේද නැත.ඉන්පසු කිසිදා ඇය ඔහුව මුණගැසුනේද නැත.,,,,,

මේ දෙදනාගෙන් වැරදි කවුරුන්ද?
♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥
ආදරය අන්ධ යැයි කියන්නේ මේ නිසාද?

                                                   •●●•٠·˙˙·٠•●●•٠·˙˙·٠•●●•٠·˙˙·٠•●●•٠·˙˙·٠•●●•
                   

No comments:

Post a Comment