Wednesday, May 8, 2013

දකුණට යන්නට උතුරට කරත්තය පැදවීම.



සංවර්ධනය සදහා නූතන රාජ්‍යයන් ගන්නාවූ ක්‍රියාමාර්ග බොහොමයක් උක්ත කාරණාව හා බැදෙන්නේ නිතැතිනි.අදූර දර්ශී මැති ඇමති වරුන් මෙන්ම අතාර්කික දැනුම මේ සදහා බෙහෙවින් හේතුවී තිබේ.
එය පහත අයුරින් කදිම ලෙස පහදා දිය හැක.

බොහෝම ඉස්සර දිනක මහා මාර්ගයේ කරත්තයක් පැද යමින් තිබිණ.එසේම එම කරත්තය මත එක් මිනිසෙක් අසුන් ගෙන සිටියේය.කරත්තය පදවන්නාද
ඉතාමත් තරුණ වියේ පසුවිය.කරත්තය පිටුපස තවත් වශාල පෙට්ටියක්ද තිබුණි.කරත්තය නොනවත්වාම පදවමින් තිබුණි.

අශ්වයින් තිදෙනාද දිගටම ඉදිරියට දිව්වෝය.පෙනෙන ලෙසට ඔවුන් ඉතා දුර ගමනක් යන්නෝය.
•●●•٠·˙˙·٠•●●•٠·˙˙·٠•●●•٠·˙˙·٠•●●•٠·˙˙·٠•●●•
එක්තරා වයසක මිනිසෙක්  එය දැක ඉතා යටහත්ව මෙසේ ඇසීය.

ඔබතුමා මෙතරම් කඩිමුඩියේ වේගයෙන් යන්නේ කොහේද?

එවිට රථය නතරකොට එහිසිටි පුද්ගලයා මෙසේ පිළිතුරු දුන්නේය.

අපට යන්නට අවශ්‍ය වන්නේ සෝල් රාජ්‍යය ටයි.

එය ඇසූ වයසක මිනිසා,,,සෝල් රාජ්‍යය තිබෙන්නේ දකුණු දිසාවේය.ඔබලා යන්නේ උතුරු දිසාවට යැයි ඔවුන්ට කීවේය.

එවිට රථයේ සිටි පුද්ගලයා,,,ඒකට කමක් නැහැ.ඔබතුමා බලන්න මේ අශ්වයන් තිදෙනාම හරිම ශක්තිමත්.හරිම උසයි.එසේම සුළග වගේ වේගයෙන් දිවයා හැකියි. යැයි කීවේය.

එවිට වයසක මිනිසා,,,ඔබතුමාගේ අශ්වයන් ඇත්තටම ඉතාමත් හොදයි.ඒත් ඔබ උතුරු දිසාවට යාම නිවැරදි වන්නේ කෙසේද? යැයි ඇසීය.

එවිට රථයේ සිටි පුද්ගලයා,,,ඇයි   අශ්වයින්ට අමතරව තව මේරථය පදවන්නාත් හරිම තරුණයි.හැකියාවන්ද බොහෝය.එසේම උසය.  යැයි කීවේය.

එවිට වයසක මිනිසා,,,ඔබතුමාගේ තත්ත්වයන් කොපමණ හොදවුවුද කමක් නැහැ.ඒත් ඔබ යන දිසාව වැරදයි.මෙසේ සෝල් රාජ්‍යයට යා නොහැකියි.නැවත ඔබතුමා ආපසු යන්න යැයි කීවේය.

එවිට රථයේ සිටින්නා මෙසේ කියයි,,,
•●●•٠·˙˙·٠•●●•٠·˙˙·٠•●●•٠·˙˙·٠•●●•٠·˙˙·٠•●●•
ඔබතුමාගේ උදව්වට බොහෝම ස්තූතියි.මම දැන් බොහෝ දිනක් මෙම දිසාවටම ගියෙමි.ඒ නිසා ඇයි මා ආපසු යන්නේ?තවත් කියනවා නම් මගේ මේ පෙට්ටිය ඇතුළේ මුදල් බොහෝ තිබේ. ඒ නිසා සෝල් රාජ්‍යයට යාමට නොහැකි වේයැයි කියා කිසිම බියක් නැත.  යැයි කියමින් රථය ඉදිරියටම පදවාගෙන ගියේය.
•●●•٠·˙˙·٠•●●•٠·˙˙·٠•●●•٠·˙˙·٠•●●•٠·˙˙·٠•●●•
ඈතයන අශ්ව කරත්තය දෙස බලාසිටි වයසක මිනිසා හුස්මක් පිටකළේය.

ඉතින් ඔබට සිතෙන්නේ කුමක්ද?
                               

No comments:

Post a Comment