Tuesday, April 23, 2013

මොන පිස්සුවක්ද හැම තිස්සෙම බය.



 කුඩාදරැවන් බොහෝවිට යම් යම් දේට ඇති බිය තම දෙමව්පියන් පවසයි  නමුත් බොහෝ අවස්ථාවල තම දරැවා බලාපොරොත්තුවන ප්‍රතික්‍රියාව දෙමව්පියන් කෙරෙන් දක්නට
නොලැබුන හොත් ඔවුන් ඉච්ඡාභංගත්වයට පත්වීමට ඉඩ තිබේ.*අනේ තාත්තේ මට ඒ කාමරයට යන්න බැහැ ,කැරපොත්තෙක් ඉන්නවා මේසය යට* එසේ නිතර දරුවන්


කෑගසනු අසන්නට ලැබේ
*මේ ළමයට තියෙන්නේ පුදුම පිස්සුවක්,කොයි වෙලාවෙත් කාමරයට යන්න ගියොත් ඔය වගේමනෙ කියන්නේ,පුදුම බය ගුල්ලෙක්*  අම්මගේ කට හඩ අවදිවන්නේ ඒ ලෙසටයි.

මෙවන් මොහොතක දී දරුවාට සැර වැර කිරීමට යාම හෝ ඔහු ලැජ්ජාවට පත් කිරීම  ඉතා නුසුදුසුය.
ළමයින්ගේ බිය ඇතිවන්නේ කැරපොත්තන්ට පමණක් නොවේ. ළමා මනසට පලමුවෙන්ම මෙවැනි බියක් ඇතුළුවන්නේ මාස 9 ක පමණ කාලයේදීය.මෙවැනි වයසකදී දරුවෙකුට අමුත්තක් දුටුවිටදී හෝ අළුත් ස්ථානයකට ගිය විට බියක් ඇතිවේ.
වයස අවුරුදු 3 ක් පමණ වන විට කැරපොත්තන්ට, මකුළුවන්ට මෙන්ම එවැනි සතුන්ගේ හැඩරුව ගන්නා මල් වලට ළමා සිත තුළ බියක් ඇතිවේ.
වයස අවුරුදු 5-6 වන විට කුඩා දරුවෝ යම් යම් දේ සිතින් මවා ගැනීමට පෙළඹෙති.සතුන් ,යකුන් , අවතාර පිළිබද සිතුවිලි උපදින්නේත් ,කළුවර පිළිබද බිය ඇතිවන්නේත් එහි ප්‍රථිඵලයක් ලෙසිනි.
වයස අවුරුදු 7-8 වනවිට සොරුන්ට හා මරණයට බියක් ඇතිවේ.සෑම දරුවෙකුම වර්ධනය වන්නේ මෙවැනි බිය සහිත අත්දැකීම් වලට මුහුන දෙමිනි.

ළමා මනසේ වර්ධනයත් සමගම සාමාන්යයෙන් මෙවැනි බිය තුරන් විය යුතුය.
දරුවා කැරපොත්තන්ට ඇතිබය නැතිකරන්නේ කෙසේද?
* හොදයි පුතා එන්න මාත් එක්ක කාමරේට යන්න ,.......කැරපොත්තා අපට මොනවා කරන්නද? අපි යමු බලන්න පුතා බයවෙන්න එපා.,....මම ලග ඉන්නවනේ *
මෙවැනි දෙයක් කියා ඔහුගේ සිතේ ඇතිවන බිය ක්‍රමයෙන් අඩුවන පරිදි කටයුතු කිරීම සුදුසුය.
කාලයත් සමග ඔවුන්ගේ සිතේ ඔවුන්ගේ බිය අඩුවන බව දකින විට ඔවුන්ට ප්‍රසංසා කරන්න.
* අයිය දන්නවද අපේ පුතා හරි හපනා.එයා දැන් කැරපොත්තන්ට බය නෑනේ * යනුවෙන් ඔබගේ යාළුවෙකු පැමිණි විට පැවසීම ඉතා සුදුසුය.එයින් වඩාත් යහපත් ප්‍රථිඵල ලබා ගතහැක.
කිසිවක් කෙරේ බියෙන් පසුවන ළමයින් හාස්‍යට ලක් කරන්න එපා.එයට මුල්වූ හේතුව එකවරම නිරාවරණය කරන්න එපා.ළමා සිත්තුළ පවත්නා බියට ඕනෑවට වඩා ඉඩ දෙන්නත් එපා.
උදාහරණ ලෙස
 * අම්මේ මට තනියම නිදාගන්න බෑ.  *
 කියමින් අම්මා ළගට දුව එන කුඩා පුතුට ඔබ කල යුත්තේ කුමක්ද?
ඔබ ළග නිදා ගැනීමට ඉඩදීම නොවේ.
ඉතා කාරුණිකව ඔහු නිදාගන්නා ඇද මත තබා ඔහුට නින්ද යන තුරු කතන්දරයක් හෝ එවැනි වෙනත් යමක් පැවසීමයි.
පසුදා උදෑසන ඔබට මෙසේ පැවසීමට පුළුවන.
* පුතා කොයි තරම් හොදද. ඔයා ඊයේ රෑ තනියම නිදා ගත්තනේ..*
ඇතැම් විට මෙවැනි බිය කරදර ගෙන දෙන අවස්ථාද ඇත.
ලිස්සා වැටෙයි කියා සෙල්ලම් නොකරන ළමයින් ,පාසලට යන පාරදිගේ බල්ලන් මුණ ගැසෙයි කියා පාසලට නොයන ළමයින් ,කළුවරට බියෙන් තනිව නිදා නොගන්නා ළමයින් ඊට නිදසුන්ය.
එවැනි ළමයින්ට නිරතුරුවම හිසරදය ,පපුවේ කැක්කුම ,කෑම නොකා සිටීම , නිතර නිතර ඇඩීම ඇතිවිය හැක.
ළමුන්ගේ බිය මෙවැනි කරදර ගෙන දෙන විට ඒ අසලම සිටිමින් ගුරුහරුකම් දීම ආදරණීය දෙමව්පියන් සතු වගකීම බව තරයේ සිතෙහි තබා ගත යතුය..   


           

No comments:

Post a Comment