Tuesday, April 23, 2013

මේ පණ ඇත්තෙක්ද මළ එකෙක්ද



 එකමත් එක කාලෙක ගම්බද පෙදෙසක බුද්ධිමත් තවුසෙක් ජීවත් වූහ  සෑම සන්ධ්‍යාවකම ගම් වැසියෝ එතුමාගේ ප්‍රඤාව සහ දැනුම බෙදා ගැනීමට එක් රොක් වූහ ඒ අතර ගම්වාසීහු තම තමන්ගේ ගැටළු ද  විසදීමට අපහසු ප්‍රශ්න ද ඉදිරිපත් කරනු ලැබූහ.ඒවා ක්ෂණයකින් බුද්ධිමත් තවුසා



විසින් විසදනු ලැබීය.දිනක් මෙම සිදුවීම දෙස බලාසිටි පුද්ගලයෙකුට මෙම තවුසා සැබෑ බුද්ධිමතෙක්ද යන වග දැනගැනීමට අවශ්‍යය විය.


මේ සදහා තවුසාගෙන් උපක්‍රමික ප්‍රශ්නයක්  ඇසීමට ඔහු සිතා ගත්තේය.එසේම එය විසදීමට අපහසු ප්‍රශ්නයක් වනු ඇතැයිද ඔහු විශ්වාස කළේය.
මෙම පුද්ගලයා තවුසා වෙත ගොස් පණ ඇති සමනලයකු  තම ඇගිලි අතරේ රදවා ගෙන සමනලයාට පණ තිබේද ? නැද්ද ? යනුවෙන් විමසන ලදී.

තවුසා සමනලයාට පණ තිබෙන්නේ යැයි කීවොත් ඌ ඇගිලි දෙකෙන් පොඩි කිරීමටත් ,පණ නැති එකෙක් යැයි කීවොත් ඌ නිරුපද්‍රිතව මුදා හැරීමටත් එම පුද්ගලයා සිතා සිටියහ.
•●●•٠·˙˙·٠•●●•٠·˙˙·٠•●●•٠·˙˙·٠•●●•٠·˙˙·٠•●●•
තවුසාගේ පිළිතුර වූයේ ,, ප්‍රිය දරුව සමනලයා ඔබේ ඇගිළි අතරේය යන්නයි.


මෙම කුඩා කතාවෙන් කියවෙන්නේ ගුරුවරයාට ඉතා වැදගත් පණිවිඩයකි. මෙම සමනලයා පාසලට එන කුඩා
•●●•٠·˙˙·٠•●●•٠·˙˙·٠•●●•٠·˙˙·٠•●●•٠·˙˙·٠•●●•
දරුවාට සමානය.ඉතා අළුත් ,සුන්දර , අහින්සක ඒ දරුවා තැනීමේ හෝ විනාශ කිරීමේ හැකියාව ගුරුවරයා සතු වන බව තරයේ සිතට ගතයුතුය.

No comments:

Post a Comment