Tuesday, April 23, 2013

අමරණීය ආලය.



 ගැහැනුන්ගේ චපලත්ත්වය හා කාමුකත්ත්වය කෙතරම් විශාලද  තමන් අවුරැදු ගනනාවක් තිස්සේ ආදරය කළ සැමියාගේ මරණින් පසුව එක්තරා ස්ත්‍රියක් විසින්


තමන්ගේ සැමියාගේ මෘත දේහය විනාශවන්නට ඉඩ නොදී සොහොන් ගැබක ලා ආරක්ෂා කළාය.මෙවන් කැපකිරීමක් කිරීම නිසාවෙන් ඇය


ඉතාම දැඩි ස්වාමි භක්තියකින් හෙබි තැනැත්තියක් සේ බොහෝ ජනාදරයටද පාත්‍රවිය.
•●●•٠·˙˙·٠•●●•٠·˙˙·٠•●●•٠·˙˙·٠•●●•٠·˙˙·٠•●●•
එමෙන්ම ඇයගේ පතිවෘත්තා බලය ගැනද බොහෝ දෙනා ගෞරවයෙන් කතාකරන ලදී.


මෙම කාලයේදී ම එක්තරා මිනිසුන් කිහිප දෙනෙක්  රාජ්‍ය විරෝධී වීමේ වරදට දඩුවම් ලබන  ලදී. දඩුවම ලෙස කුරුසියේ තබා ඇණගසන ලදී.
ඔවුන් කෙමෙන් කෙමෙන් මරණය කරා ලංවෙමින් සිටියහ.ඔවුන්ගේ මල සිරුරු කිසිවෙකු විසින් රැගෙන යාමද වලක්වනු පිණිස රැකවල් සදහා තරුණ හේවායින් කිහිප දෙනෙකු රදවනු ලැබ තිබුණි.
•●●•٠·˙˙·٠•●●•٠·˙˙·٠•●●•٠·˙˙·٠•●●•٠·˙˙·٠•●●•
මෙම මලසිරුරු තැන්පත් කොට තිබුනේ ඉහතදී පවසන ලද කාන්තාව නැවතීසිටි සොහොන් ගැබ සමීපයේ මය. 


දිනක් මැදියම් රැය දක්වා මෘත ශරීරය මුර කළ තරුණ හේවායෙක් දිය පොදක් සොයා ගැනීම සදහා යාබද සොහොන් ගැබ අසලින් යන ලදී.එම අවස්ථාවේ ඔහු විසින් මදක් විවරව තිබූ දොර තුළින් පියකරු මුහුණක් ඇති සුරූපී කාන්තාවක් දක්නා ලදී.
ඇයගේ ශෝභන භාවය කෙරේ තරුණ හේවායා බෙහෙවින් පැහැදින.
•●●•٠·˙˙·٠•●●•٠·˙˙·٠•●●•٠·˙˙·٠•●●•٠·˙˙·٠•●●•
සිත ඈ කෙරේම ඇදී ගියේය.සියොලග ගිනිගත් කලෙක මෙන් දැනිණි.ඔහු පසුදින සිට විවිධ උපාය උපක්‍රම යොදමින් එම වැන්දබු ස්ත්‍රිය මුණගැසීමටත් ඇය හා කතා බස් කිරීමටත් සමත් විය.
මේ අතර ඇයද ඔහු හා දිනපතා ඇසුර නිසා ක්‍රම ක්‍රමයෙන් අමුත්තා කෙරේ පැහැදුනු සිත් ඇත්තියක වූවාය.ඇගේ සිතද නොදැනීම ඔහු කෙරේ ඇදී යන්නට විය.
වැඩිකළක් යන්නට පෙර ඔවුන් දෙදෙනාගේ හදවත් දැඩි බැම්මකින් බැදුනි.


මෙසේ මෙම තරුණ සෙබලා රාජකාරි කරන අවස්ථාවේදී යම් හෙයකින් එක් සොරෙකුගේ මල සිරුරක් කවරෙකු විසින් හෝ සොරා ගෙන ගොස් ඇති බව දැනගන්නට ලැබුණි.මේ නිසා ඔහු දැඩි මානසික කම්පනයටත් සේවය කඩකිරීම හා නිසි ලෙස මුර කටයුතු නොකිරීමේ වරටත් අසු වීමට ඉඩකඩ ඇතිබව අවබෝධ විය.
මේපිළිබදව මානසික තැවුලෙන් පසුවුනු ඔහු කරුණු නොසගවා තම පෙම් බැදි ස්ත්‍රියට ඒබව සැල කලේය.


භයවෙන්න උවමනාවක් නැහැ. ඇය කීවාය.

එසේ පැවසූ ඒ තැනැත්තිය තරුණ හේවායා දඩුවමෙන් මුදවා ගතහැකි කදිම උපායක් සැලසුම් කළාය.නැතිවූ මල සිරුර වෙනුවට කුරුසයේ එල්ලා තැබීම සදහා තම සැමියාගේ මෘත ශරීරය ඔහුට දුන්නේය.




No comments:

Post a Comment