Tuesday, April 23, 2013

සූර්යයා.




සූර්යයා


අපේ සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රධානියා වන්නේ සූර්යයා ය.එහෙමත් නැත්නම් හිරු.සූර්යයා කියන්නේ තරුවක්.අපේ ලෝකයට ලගින්ම පිහිටි තරුව සූර්යයා යි.ලගින්ම පිහිටියක් අපේ ලෝකය හා සූර්යයා අතර දුර කිලෝමීටර් මිලියන 149.6 ක් කියලා ඇහුවාම පුදුම හිතෙන්නත් පුළුවන්.

සූර්යයා ගෙන්
තුනෙන් දෙකක් පමණ සමන්විත වෙලා තිබෙන්නේ හයිඩ්‍රජන් වායුවෙන්.ඉතිරි වැඩිහරියක් හීලියම්.ඊටත් අමතරව ඔක්සිජන්, කාබන්,නියෝන්,යකඩ වාගේ මූල ද්‍රව්‍යත් තිබෙනවා.
සූර්යයා ගේ හයිඩ්‍රජන් හීලියම් බවට පත්වන විට ගිනිගෙන දැවෙනවා.
•●●•٠·˙˙·٠•●●•٠·˙˙·٠•●●•٠·˙˙·٠•●●•٠·˙˙·٠•●●•
සූර්යයා කියන්නේ මේ විදියට ගිනිගෙන දැවෙන යෝධ ගෝලයක්.ආලෝකය තාපය සහිත සූර්යය ශක්තිය නිපදවන්නේ මෙසේ ගිනිගෙන දැවෙන විටයි.

පෘථිවිය ඇතුළු අනෙකුත් ග්‍රහලෝක සියල්ලම එකම පවුලක සාමාජිකයන් මෙන් එකට බැදී තිබෙන්නේත් අපේ ලෝකයේ සතුන් ශාක ඇතුළු සෑම දෙයම නොනැසී පවතින්නේත් සූර්යයා ගෙන් නිපදවන මේ ශක්තිය නිසයි.

No comments:

Post a Comment