Tuesday, April 23, 2013

කෙළවරක් නොපෙනෙන විශ්වය.




පුංචි සන්ධියේ පටන් මහලු වන තෙක්ම හැම කෙනෙක්ම ග්‍රහ ලෝක තරැ ධූමකේතු වලින් පිරිණු කෙළවරක් නොපෙනෙන විශ්වය දිහා බලන්නේ පුදුමාකාර කුතුහලයකිනි .මිනිස් පරිණාමයේ ආරම්භයේ සිට අද දක්වාම මිනිසා තුළ ඇති මේ කුතුහලය නොනැසී පවතී.පැරැන්නෝඇතැම් ආකාශ


වස්තු දිහා බැලුවේ බියමුසු හැගීමකිනි.ඇතැම් විට ඒවාට වැදුම් පිදුම් කරන්නටත් පටන් ගත්තා.මේ ආකාශ වස්තු සෑදී තිබෙන්නේ කෙසේද ?හිරු හා සදු ගෙන් ආලෝකය ලැබෙන්නේ කෙසේද?තාරුකා යනු මොනවාද? අහස් තලය දෙස බලාසිටින ඕනෑම කෙනෙකුට නැගෙන ප්‍රශ්න කීපයක් තමා ඒ.
මේවාට උත්තර සෙවීමට අතීතයේ පටන් දැඩි උත්සාහයක නිරත වුනා.එසේ ගවේශණය කොට එදා සිට අද දක්වා සොයා ගන්නා ලද විශ්වය පිළිබද අපූරු විස්තර රාශියක් පහත අයුරින් පෙළ ගැස්විය හැකියි.
 
•●●•٠·˙˙·٠•●●•٠·˙˙·٠•●●•٠·˙˙·٠•●●•٠·˙˙·٠•●●•


1-සූර්යයාගේ බර සෑම .තත්පරයකටම ටොන් මිලියන 4 කින් අඩුවන බව විද්‍යාඥයින් සොයාගෙන තිබෙනවා.ඊට හේතුව සූර්යයා විසින් එයට සමාන ප්‍රමාණයක හයිඩ්‍රො කාබන් යොදාගන්නා නිසයි.

2-ක්ෂිර පථයේ එක් කෙළවරක සිට අනෙක් කෙළවරට දුර ආලෝක වර්ෂ ලක්ෂයක් පමණ වෙයි.

3-චන්ද්‍රයා සෑම වසරකටම සෙන්ටි මීටර් තුන බැගින් පෘථිවියෙන් ඈත්වෙයි.

4-සූර්යයාගේ සිට පෘථිවියට ආලෝකය ලැබෙන්නට මිනිත්තු 8 ක් පමණ ගතවෙයි.

5-අප සෞරග්‍රහ මණ්ඩලයේ උසම කන්ද පිහිටා ඇත්තේ අගහරු මතයි.එහි නම ඔලිම්පස් මොන්ස්.උස අඩි 80,000 කි.

6-පෘථිවිය වටා කක්ෂගතවී ඇති උපකරන සංඛ්‍යාව ආසන්න වශයෙන් 10,000 ක් පමණ වෙයි.එයින් 3000 ක්ම කෘතීම චන්ද්‍රිකා.ඉතිරි සියල්ල සැලකෙන්නේ අභ්‍යාවකාශ කුණුකසල ලෙසයි.

7-පෘථිවිය ප්‍රමාණයේ වස්තූන් මිලියන එකක් සූර්යයා තුළ තැන්පත් කල හැකියි.එම ප්‍රමාණයේ වස්තූන් 1300 ක් බ්‍රහස්පති තුළදබ800 ක් සෙනසුරු තුළද තැන්පත් කල හැකියි.

8-ඇෆෝෆිස් නම් උල්කාෂ්මය වසර 2036 අප්‍රේල් 13 වැනිදා පෘථිවියේ ගැටීමට ඇති සම්භාවිතාව 45000 න් 1 ක් බව නාසා ආයතනය ගනන් බලා තිබේ.

9-ඔබ උතුරු ද්‍රැවයට ගියහොත් දින 186 ක්ම ඔබට සූර්යයා දැකිය නොහැකියි.

10-අප සෞරග්‍රහ මණ්ඩලයේ සියළුම ග්‍රහයින් එක්ව ගත්තද බ්‍රහස්පති ඒ සියල්ලටම වඩා බරින් යුක්තයි.

11-ඔබ ආලෝකයේ වේගයෙන් ගමන් කලහොත් අප මන්දාකිණිය පසුකර යන්නට ඔබට වසර 100,000 ක් ගතවෙයි.

12-අභ්‍යාව කාශයෙන් 25% ක්මඅදුරු වස්තූන් ගෙන්ද 70% ක් අදුරු ශක්තීන්ගෙන්ද යුක්ත වන අතර දෘශ්‍ය වස්තූන් ඇත්තේ 5% ක් පමණි.

13-වසරකට පෘථිවියට කඩාවැටෙන උල්කාපාත සංඛ්‍යාව 40,000 කට ආසන්නය.

14-රාත්‍රී අහසේ දීප්තිමත්ම තාරකාව වන්නේ සීරියස් ය.

15-අහස හොදින්ම පැහැදිළි රාත්‍රියක වුවත් මිනිස් ඇසින් දැකිය හැකි තරු සංඛ්‍යාව 3,000 ක් පමණි.එහෙත් අපවටා මන්දාකිණියේ පමණක් තරු 100,000,000,000 ක් ඇතිබව ආසන්න වශයෙන් ගනනය කොට තිබේ.

No comments:

Post a Comment