Tuesday, April 23, 2013

හලාල් අවුල.




හලාල් යන් වෙළද ද්‍රව්‍ය වලට පමණක් නොව මුස්ලිම් ජනතාවගේ (ඉස්ලාම් ආගමිකයන්ගේ)සියලූම පරිභෝජන වස්තූන් සදහා දෙන ප්‍රමිති කරනයේ නාමයයි.
ඔවුන්ගේ ආගමට අනුව හලාල් යනු කැප දේ වන අතර හරාම් යනු අකැප දේ වේ.කෙටියෙන් කිවහොත් හලාල් සහතිකයේ කාර්ය භාර්ය වන්නේ පාරිභෝගිකයන් මිළදී ගන්නා භාණ්ඩ හා සේවා ඉස්ලාමීය නීතීන්ට
අනුකූලදැයි විනිශ්චය කරගැනීමට සහාය වීමයි.
විවෘත ආර්ථික ප්‍රතිපත්තියෙන් පසු භාණ්ඩ හා සේවා විවිධ රටවලින් ගලා එන්නට වූ අතර ලාභ ඉපයීම ප්‍රධානම අරමුණ විය.
•●●•٠·˙˙·٠•●●•٠·˙˙·٠•●●•٠·˙˙·٠•●●•٠·˙˙·٠•●●•
මේනිසා එම නශ්පාදන ක්‍රියාවලිය තුළ විනිවිද භාවයක් නොමැති තත්ත්වය නිසා නිශ්පාදන වල අඩංගු සියළුම මූලද්‍රව්‍ය සම්බන්ධයෙන් මෙන්ම දැඩි ලෙස කරුණු විමර්ශණය කිරීමෙන් මෙම හලාල් සහතිකය පිරිනමයි.
මේ අනුව ඉස්ලාම් ආගමිකයන්ගේ ආගමානු කූල රීතීන්ට අනුකූලව භාණ්ඩ හා සේවා සැපයීමේ වගකීම මෙම සහතිකය තුළ තහවුරු කරයි.
ඒ නිසා බෞද්ධයින් වන අපට අවැඩක් සිදුවී ඇත්ද? කොහෙත්ම නැත.
වරද සිදුවී ඇත්තේ අපේම නරක පුරුදු මෙන්ම බෞද්ධයින් බෞද්ධ සිරිත් අත්හැරීම නිසාවෙනි.
බුදු දහම කෙසේවත් මාංශ අනුභවය අනුමත නොකරයි.
•●●•٠·˙˙·٠•●●•٠·˙˙·٠•●●•٠·˙˙·٠•●●•٠·˙˙·٠•●●•
එවන් තත්ත්වයක් තුළ ආහාර නොගෙන වෙනත් මාංශ අනුභව කිරීම අපට කැපද?
ඉස්ලාම් ආගමේ ඌරාගේ මාංශ අනුභව නොකරයි.කතෝලික ආගමිකයින් ඌරුමස් අනුභව කරයි.හින්දු ආගමිකයින් ගව මස් අනුභව නොකරයි.නමුත් බෞද්ධයින් දැන් සියළුම වර්ගයේ මස් අනුභව කරනවා නොවේද?
පංචශීලය නොරකින බෞද්ධයා හලාල් නොවේ.සිල්වත් නොවන කිසිදු ක්‍රියාවක් බෞද්ධයින්ට හලාල් නොවේ.
එසේම දෙවන ධර්ම සංඝායනාවට මුල්වූ ප්‍රධානතම කරුණක් වන්නේ වජ්ජි පුත්තක භික්ෂූන් ඉදිරිපත් කළ දස අකැප වස්තුවයි.යමක් කැපය හා  අකැපය වශයෙන් වන සංකල්පය බුදුසමය තුළ භාවිතා වන්නේ එතරම් අතීතයක සිටය.
 

ඉතා උතුම් පින්කමක් වන කඨින පුණ්‍ය කර්මයේදී කාන්තාවන් විසින් කඨින චීවරය පාගාගෙන මැසීම නොකළ යුතුය.
•●●•٠·˙˙·٠•●●•٠·˙˙·٠•●●•٠·˙˙·٠•●●•٠·˙˙·٠•●●•
එසේ කළහොත් එය අකැපය.එනිසා අප එය අකැපලෙස සිදු නොකරමූ.
ඒ අප අපගේ ශාසනයට ගරුකරන නිසාය.

බෞද්ධ ජනයා බෞද්ධ දර්ශනයේම සංකල්ප කෙලසමින් කටයුතු කරන යුගයක අපිට අපේ වැරදි නොපෙන්වා ,ඒවායින් අප නිවැරදි නොකොට ඉස්ලාම් ආගමිකයන්ගේ හලාල් සහතිකයට විරෝධය දැක්වීම කෙතරම් අවඥාසහගතද?
බොදු බල සේනාවක් අවශ්‍ය වන්නේ බෞද්ධයින්ගේ අඩුපාඩු මග හරවා ගෙන ඉදිරියට යාමට මිස ඉස්ලාම් වරුන්ට පාඩමක් ඉගැන්වීමට නොවේ.

No comments:

Post a Comment