Tuesday, April 23, 2013

සුජාත දියණිය.(චංගුමී)




කලකට ඉහතදී ඉන්දියාවෙන් ආනයනය කරන ලද ප්‍රවීනා, දාමිනී වැනි ගැහැණු චරිත වන්දනාවේ යෙදුනු අය
චංගුමී කෙරෙහි සරණ ගිය සෙයකි
සුජාත දියණිය ටෙලි නටකය අඛණ්ඩව ආශ්‍රය කිරීමට තරම් මාද එයට ඇබ්බැහි වූ සෙයක් අවබෝධ විය.මෙම ටෙලි නාටකය මුළු මහත් රට තුළම ජනාදරයට

පාත්‍ර වූයේ එම නාට්‍යය තුළ තිබූ අප්‍රමාණ ගුණ ස්වභාවයටත් වඩා මෙම සමයේ ලංකාවේ ප්‍රේක්ෂකයා නරඔමින් සිටි කසිකබල් ටෙලිනාට්‍යය වල තිබූ විළිහිරිකිත භාවය නිසාම වන්නට ඇත.


ඉතා සිත්ගත් චරිත වන මින් ජුන් හෝ හා චන්ගුමී අතර දිවෙන හර බර ප්‍රේමය ලංකාවේ තරුණ පරපුරට ආදර්ශයකි.තරුණයා තරුණියට අවශ්‍යම වේලාවේ පිහිට වෙති.
•●●•٠·˙˙·٠•●●•٠·˙˙·٠•●●•٠·˙˙·٠•●●•٠·˙˙·٠•●●•
අන් අවස්ථාවන් හිදී ඇයව ධෛර්යය මත් කරමින් ඇගේ ඉලක්කය කරා යාමට ඉඩදී පසෙකට වෙයි.නමුත් අපේ තරුණ තරුණියන්ගේ ප්‍රේමය රදා පවතින්නේ ජංගම දුරකථනයේ ක්‍රියාකාරිත්වය ඇතිතාක් පමණි.
පෙම්වතාගේ ඇමතුම (කෝල් එක)පෙම්වතිය විසන්ධි (කට්) කළොත් එතනින් එම ප්‍රේමය හමාරය.පෙම් වතියටද එය එසේමය.
හති දාගෙන ඇමතුම් (කෝල්) කරන තරමට ප්‍රේමයද ගැඹුරු බවයි ඔවුන්ගේ පුහු මතය.ලංකාවේ බොහෝ දියණිවරු එවන් කුජීත දියණියන් වී හමාරය.


සුජාත දියණිය ඉවුම් පිහිම් කටයුතු සදහා ඉතා දක්ෂය.පසුව වෙදකමද හදාරා එහිද පරතෙරටම පැමිණෙයි.අපේ පුංචි දියණි වරුන්ද දැන් නිවෙස තුළ ඉවුම් පිහුම් කටයුතු වලට ඒ නිසාම ලහි ලහියේ යොමු වෙයි.
•●●•٠·˙˙·٠•●●•٠·˙˙·٠•●●•٠·˙˙·٠•●●•٠·˙˙·٠•●●•
නිවෙස තුළ ඔවුන් ද දැන් සංවරය,ආචාරශීලීය,අන් අයට ගරු කරයි.නමද අන්වර්ථ ලෙස චංගුමී ලෙස භාවිතා කරයි.මෙසේ මෙම ටෙලි නාට්‍යය කෙතරම් බලපෑමක් ළමා මනසට කර තිබෙයිද? එම කටයුත්ත පැසසිය යුතුමය.


උක්ත කාරණා මා සදහන් කළේ මා යටි සිත තුළ ඇති යම් කාරණයක් කීමට දරණ ප්‍රයත්නයේ ඵලයක් ලෙසයි.
එනම් මෙම ටෙලි නාට්‍යය නරඹන අතරතුර පාසැල් ගුරුවරයෙකු ලෙස මා ඇති තරම් කලකිරීමට පත්වීමි.

විවිධ බාධක මැද්දේ මෙම නාටකය නරඹන අතරතුර නිඹදවම ටියුෂන් මාස්ටර්ලා රොත්තක් ඒ මැදට පැන එය අවුල් කරනු ලබයි.ඔවුන් අප දිවයිනේ අප උගත් මහාචාර්යය වරුන්ටත් වඩා පතාක යෝධයන් යැයි ඉතා ගැඹුරු හඩින් වෙළද දැන්වීම් තුළ අවධාරණය කරයි.
දැන්වීමේ ඇත්තේ ඔවුන්ගේ ලගන්නා ඡායාරූපය මිස අධ්‍යාපන සුදුසුකම් හෝ උපාධියෙන් ලද සාමාර්ථය ආදිය නොවේ.

ඔවුන් ද සුජාත දියණිය නැරඹුවානම් ගුරුවරුන් ශිල්ප දෙන ආකාරය දැක ගන්නවා ඇත.
•●●•٠·˙˙·٠•●●•٠·˙˙·٠•●●•٠·˙˙·٠•●●•٠·˙˙·٠•●●•
එසේම සුජාත දියණිය මෙන් වීර්යයෙන් යුතුව තම අරමුණට අවශ්‍ය ඉගෙනීම් කටයුතු ප්‍රගුණ කිරීමට හැකිනම් කිසිවෙකුත් අධ්‍යාපනය තුළ හුදකලා නොවනු ඇත.
චංගුමී සහ උප ප්‍රධාන අමාත්‍ය මින් ජුන් හෝ
ඒ නිසා ලංකාවේ සුජාත පුත්‍රයින් මෙන්ම සුජාත දියණියන් ද නිදහස් අධ්‍යාපනයේ හරය තම කැපවීමෙන් ඔප් නංවා ගනු ඇතැයි මම විශ්වාස කරමි.
https://www.youtube.com/watch?v=Z76HlmFVBus 

1 comment:

  1. අපේ රටේ තරුණ තරුණියන්ගෙ ප්රේමය ඔය කොරියාවෙ ටෙලි නාට්ය වල ඒවාට වඩා බොහෝ ගැඹුරු බවයි මට නම් හිතෙන්නේ.සුජාත දියණි නාට්ය යේ කොල්ලට කෙල්ලගෙ අතින් වත් අල්ලන්න පුළුවන් වුනේ කොටස් 54 ක් විතර ගියාට පස්සෙනෙ.ඉතින් අපේ ඩ්රාමා වල පළමු වන කොටසෙදිම කෙල්ල කොල්ලත් එක්ක හෝටල් කාමරයට රිංගන්නේ ප්රේමය කොච්චර ගැඹුරු නිසාද?

    ReplyDelete