මළවුන් සදහා ආහාර පාන සහිත තටු තැබූ ජනයාට මළවුන්ට ආහාර පාන වස්ත්‍ර ආදිය දන්දී පින් විශ්වාස ඇතිවම ලබාදිය හැකි අනුමෝදනා ක්‍රම හදුන්වා දීමද දුෂ්කර වූයේ නැත.බුදු දහම හින්දු දහම හෝ යුදෙව් දහම බදු අනම්‍ය දහමක් නොවේ යම් දේශයකට එය හදුන්වාදෙනු ලැබූ පසු එහි තත්ත්වයන්ට අනුරෑප වීමේ හැකියාව එය සතුය බුදු දහම ලංකාවට හදුන්වා දෙන ලද අවධියේ මළවුන් ගස්ගල් යක්ෂයන් පිදූ
මෙරට ජනතාවට මිහිදු හිමි දෙසූ විමාන වස්තු හා ප්‍රේත වස්තු පිළිබද කරැණු ආගන්තුක නොවීය.(විමාන වත්ථු තුළින් පින්කොට දෙව් ලොව උපදින අයුරැත් පේත වත්ථු තුළින් පව් කරන අය අපාගතවන අයුරැත් පැහැදිළි කරනු ලබයි)ගස්ගල් වන්දනා කළ ඒ සමාජයේ අයට අර්ථයක් ඇති බෝධි වෘක්ෂය වන්දනාව පිණිස ලැබිණි.
බුදු දහම චීනයට හදුන්වා දුන් අවස්ථාවේ දෙවි දේවතාවුන් අදහමින් සිටි එරට ජනතාවගේ වන්දනාමාන ලද ක්වාන් යිං(kwan yin) වැනි දේව ඝණයා බෞද්ධ බෝසත් වරුන්සේ අනුවර්තනය කරන ලදී.
මේ හැරුණු කොට මනුෂ්‍යයාගේ ජීවිතය අස්ථිර වුවද ,දුක්සහිත වුවද ජීවත්ව සිටින කාලය තුළ ඔහුට තම සමාජයීය හා ආර්ථික තත්තවයන් දියුනු කොටගෙන දුක්සහගත තත්ත්වයන්ගෙන් තරමක් දුරට මිදී ජීවත් විය හැකියැයි බුදු දහම වෙතින් අවධාරනය කිරීම කාගේ වුව සිත් ගත්තකි. විශ්වාසය දිනා ගත්තකි.
ලෝකයේ සියළු දෙනාම පැවදිවිය යුතුයැයි නොකියන බුදු දහම,කෙනෙකුට තම ජීවිතය යහපත් හා සුවදායී කර ගැනීමට අවශ්‍ය මාර්ගෝපදේශන රාශියක් ඉදිරිපත් කොට ඇත.
එම උපදේශ නිසරුයැයි ,ප්‍රායෝගික නොවේයැයි හෝ යහපත් නොවේයැයි කියා බැහැර කිරීමට මේවන තුරු කිසිවෙකුට හැකිවී නැත.
මේ ගුණයද බුදු දහමේ පැවැත්මට බෙහෙවින් උපකාරී වී තිබේ.
No comments:
Post a Comment