Tuesday, September 18, 2012

රාවණ සමයේ තිබූ ඉලෙක්ට්රොනික උපාංග වල පොසිල හමු වෙයි



රාවණ සමයේ තිබූ ඉලෙක්ට්‍රොනික උපාංග වල පොසිල හමු වෙයි.යන මාත්තෘකාව යටතේ මීවන පලානේ ජයරත්න මහතා විසින් වර්ගපූර්ණිකාව(http://vargapurnikava.blogspot.com) නම් තම බ්ලොග් අවකාශයේ සදහන් කරතිබූ අණ්ඩරදෙමළ ලිපියට කමෙන්ට් එකක් නොදාම බැරි නිසා මේක බ්ලොග් එකට දමමි.
ඔබ පවසන අන්දමට රාවණ සමයේ(එනම් බුදුන් පහල වීමටත් වසර 1800 කට පමණ පෙර) මෙම(ඡායාරෑප ඔබවිසින් දක්වා ඇත) කෙළි ඉලෙක්ටොනික මෙවලම් වල පොසිල ලංකාවෙන් හමුවීඇත(පච වුනත් ඇත්තවගේ ලියා ඇත)ඔබගේ ලිපියේ එය මෙසේ සදහන් කර ඇත.

මෑත කාලයේදී ශ්‍රී ලංකාව තුළ කරන ලද කැණීම් වලින් හමුවූ විවිධාකාර පොසිල වර්ග වල පින්තූර ඔබ වෙත ඉදිරිපත් කිරීමටය. මෙම පොසිල සියල්ලම වැඩිදුර පර්යේෂණ කටයුතු සඳහා ලන්ඩන් විශ්ව විද්‍යාලය වෙත යවා ඇත. ඔබ යම් දිනකදී ලන්ඩන් විශ්ව විද්‍යාලයට යනවානම් එහි ප්‍රධාන කෞතුකාගාරයට අයත් Institute of Archaeology Collections හි අංක 13 මැදිරියේ විශේෂ කුටියක ඇති මේ දේවල් ඔබට දැක ගත හැකි වනු ඇත.

ජයරත්න මහත්තයෝ ඔබගේ පරිකල්පන හැකියාවනම් අපූරැයි.බොහෝ අය ඇත්ත ලිවීමට ගොස් බොරැ ලියති.(ඒ ඇත්ත නොදන්නා නිසා)ඔබ බොරැ ලියන්නේ හිතාමතාය.බොරැව ඇත්තමෙන් ලියයි.(ඒ ඔබ ඇත්තද දන්නා නිසා වියහැක).බොරැවත් නිකම්ම ඒවා නොව පට්ටපල් බොරැය.නියම ක්රියේටිව්ය.ඒවා ඇත්ත කිරීමට කරැණුද ඕනෑතරම් දක්වයි.(පොසිල පින්තූර/ඒවායේ නම්).බෙහෝ කරැණු ඔබ පැහැදිලි කරගන්නේ අමෙරිකානු තාක්ෂණයට පිංසිද්ධ වන්නටය. අමෙරිකානු මහාචාර්ය වරැන්ගේ කරැණුවිශ්ලේෂන යන්ගෙනි.(අපේ සමහර උන්ට අමෙරිකාවට වඩා පොරක් නැති නිසා බොරැ ඇත්ත කිරීමට ඒක සිරා ක්රමයකි.ඒත් රාවණ ගැත්තෙක් විදියට ඔබතුමා උන්ට පස්සපැත්ත දෙන්නේ ඇයිදැයි නොතේරේ)
(කලකට ඉහතදී ඔබගේ මතකය නැතිකලේත් රාවණාගේ චිප්එක ඉස්සුවේත් ඒ හැතිකරේ බව අමතකද?)

ඔබ තුමා වගේ බොරැවක් මමත් ලියන්නද?

 *රා+වානා=රා අවශ්‍යයි
*රව+නා=රවාගෙන
*රා+වන=රා වනාන්තරය.
*වි+භීසන=විශාල භීෂණයක්
*රා+ම=වචනේ පරිසමාප්තයෙන්ම රා(ඔරිජිනල්)
*රාම=රා පමණක්
*ලක්ස්+ම+ණ=ලක්ස් පමණක් භාවිතා කරන
*ලක්+සමණ=ලක්දිව භික්ෂුව
*රාම+ස+රය=රාම නම් රාත්රිය(රාම ම්යුසිකල්)
*හනුමා+අන්=හනුමා වෙන අයෙකි(මේහනුමා ලෝකල්)
*සී+තා=බලනු ඔබ(ඔබලා බලන්න )
අප්පෝ මේවා නම් සුපිරි පචය හැබැයි ක්රියේටිව්ය.මේවා හිරිකිත වැඩබව ඔබටම දැන් තේරෙනවා නේද?
*මී+වන+පලා+නේ=මීයන් සිටින කැළයේ පලා නෙමැත.                           
ජයරත්න මහතාගේ ‍පොසිලය
ජයරත්න මහතාගේ ‍පොසිලය චාටර්වී ඇති ආකාරය
මේ අනුව ඔබට කීමට ඇත්තේ ජයරත්න මහත්තයෝ(ඔබ එල බ්ලොග් ලියන කොල්ලෙක් වීමටද පුලුවන) ඔබ සිටින ප්රදේශයේ මීයන් අධික බැවින් පලාවර්ග වදවී ඇතිබවය.
ජෝක්ස් දැන් ඇති.අපි දැන් වැඩේට බහිමු.මේ කමෙන්ට් එක ලියන්න මම සෙට්වුනේ පට්ට ආතල් එකක් ගැනීමට නොව ඔබ පළ කරතිබූ ජෝයිස්ටික්(සෙල්ලං පොල්ලක්)පොසීල පික්චර් එකක බොරැවක් අතේ මාට්ටු වු නිසාය.



මෙම පින්තුරයේ ඇතතේ ඔබ විසින් ගෙනහැර දක්වාඇති රාවණ යුගයේ සෙල්ලම් පොල්ලකි.එහි නිශ්පාදන ආයතනයේ නම මැකීමට ඔබට අමතකවී තිබේ.නින්ටෙන්ඩෝ (Nintendo)යනු එම ආයතනයයි.එහි ලිපිනය පහතපරිදි වේ.    
  ( http://www.mikesarcade.com)
 MikesArcade.com
60 W. Main Street
Circleville, UT 84723-0130
USA
joysticks යනුවෙන් search කලවිට මෙම වර්ගයේ ඒවා ඕනතරමක් වෙබ් එකේ සොයාගත හැක.එසේ සොයාගත් පින්තූර දෙකක් පහතතිබේ.(එඩිට් කල එකම වීමටත් ඉඩ ඇත.)(එය දන්නේද ඔබය)
 









දැන් ඔබතුමා මෙම ඉංග්රීසි වචනය සන්ධි කරහෝ විසන්ධි කර රාවණ යුගයේ තිබූ නමක් ලෙසට හුවාදැක්වීමට උත්සාහ නොකරනු ඇතැයි සිතම්.(එක ගොං කමක් වසාගන්නට ගොංකන් සියයක් ඔබතුමා නොකරන බවනම් විශ්වාසය)(හැබැයි බ්ලොග් ලියන එකනම් නවත්තන්න එපා)කෙසේවෙතත් මට තේරෙන විදියට ඔබගේ බොරැගෙතීමේ බ්ලොග් එක හීනියට චාටර් වී ඇත.මමත් පොඩි පික්චර් එකක් එඩිට් කරල දාන්නද ජයරත්න මහත්තයෝ.ඔබ තුමාගෙ පොසිල පික්චර් එක පහත පරිදි දැම්මා නම් පට්ට ය.

රාවන කෙළි පොල්ල


(ලංකාවෙ සීන් දැන් හැමතැනම චාටර් හින්ද මේක එච්චර අවුලක් නෑ) 
*(Z ස්කොර්/විභාග පේපර්/සරසවි අවුල/ජිනීවා කේස්)
හැබැයි ඔබතුමාත් දන්නා පරිදි පර දේසක්කාරයන්ගේ මැදිහත් වීමෙන් රාවණ යුගයේද සිදුවු කොල්ලා බල්ලා කිරීමත් බල්ලා කොල්ලා කිරීමත් අදද සිදුවන බවනම් මමද එකහෙලා පිළිගනිමි.

එනම් රාවණා යනු මුලුවීශ්වයම පාලනය කිරීමට තරම් බල පරාක්රමයක් සතුවු සුවිශේෂී නරයෙකි.(පුරාවෘර්ත වල සදහන් පරිදි) දේව සංකල්පයට අනුව රාවණා සූර්ය වන්දනය/ශිව වන්දනය/බ්රහ්ම වන්දනය උපරිමයෙන් සිදුකර ඒ අනුව බලවත් වූවෙකි.(අමරණීයත්වයද ලබා ඇතිබව සදහන්) *පොසිල තවම හමුවී නැත.(විහිලුවට)
එවන් බලයක් තිබූ රාවණා ඉන්දීය ලේකඛයන් හා දේසපාලුවන් විසින් අධම තත්ත්වයට පත්කර ඇත.ඉතා එඩිතරව යුධ වැදුනු රාවනා දැන් නිකම්ම යකෙකි.(යක්ෂ ගෝත්රිකයෙකු නිසාද වන්නට ඇත)ඔහුට බියෙන් යුධයට වන් රාම දැන් දෙවියෙකි.ලක්ෂ්මණද දෙවියෙකි.වානර හනුමාන්ද දෙවියෙකි.(නැට්ටෙන් ගිනිතියල හොද වැඩක්ද කළේ?)ලංකාව පාවාදුන් විභිසනද දැන් දෙවියෙකි.(තම අය්යා සහ රට පාවාදීම හොදක් ද?)

ඒක හරියටම ජෙනරාල් සරත් ‍ෆොන්සේකාට අපේ  ලේකඛයන් හා දේසපාලුවන් කල දේමය.රට යුද්ධයෙන් නිදහස් කරගත් ජෙනරාල් සරත් ‍ෆොන්සේකා දැන් අපට යකෙකි.(වසර 3 ක් හිරබත් කෑමටද සිදුවිය)දළදා මාලිගාවට බෝම්බ ගැසූ කරැණා අම්මාන් දැන් අපේ ඇමතියෙකි.අම්පාරේ කුරිරැ ඝාතන සියගනනක් කල පිල්ලෙයාන් ද දැන් අපේ ඇමතියෙකි.(පිස්සු පීකුදු). මේව දන්න මමත් තවම ආණ්ඩුවට පක්ෂ පොරක්.(සිරාවට).අපේ ජනතාවට ජයවේවා.,,,


3 comments:

  1. hahaha patta patta :D sammanayak denna watinawa :D

    ReplyDelete
    Replies
    1. විචාරශීලීව මෙක බැලුවට පට්ට තෑන්ක්ස්.

      Delete