Tuesday, September 11, 2012

න්‍යෂ්ඨික වැඩපිළිවෙලක්



අපේ රට සංවර්ධනය කිරීමට න්‍යෂ්ඨික වැඩපිළිවෙලක් අත්‍යාවශ්‍යය.ඵ් පිළිබද රජයට කිසිදු දැක්මක් නැත්තේ ඇයි? ලෝකයේ බොහෝ රටවල් මේ මාර්ගය ඔස්සේ බලවත් රාජ්‍යයන් බවට පත්වී ඇත.
එ‍සේම ‍නී‍ති ‍විරෝධී ‍මත්‍‍කු‍ඩු,‍මත්‍‍පැන්‍, ‍දුම්‍‍කො‍ල ‍ආ‍දි‍ය  නිෂ්පාදනය කරමින් ඒවා අනෙක් රටවල් වලට අලෙවි කරමින් අධික ලාභ ලබයි.ඇෆ්ගනිස්ථානය/පාකිස්ථානය ආදීරටවල් කදිම නිදසුන්ය.


 අමෙරිකාවද සාමය සදහා ලෝකයෙන්ම මුලිකත්වය ගෙන කටයුතු කරතත්(එසේ පෙන්වයි)ලොව අංක එකේ යුධ ආයුධ
සපයන්නාය.
මෙයින් පෙනෙන්නේ ආර්ථික සංවර්ධනය සදහා හොද නරක බේධයක් නොමැති බව නොවේද?

නමුත් ලංකාව මීටත් වඩා හොද අවස්ථාවක් අපතේ හරිමින් සිටින බව මාගේ අදහසයි.

එනම් ලංකාවේ සූරියවැව,තණමල් විල,ඇඹිලිපිටිය,උඩවලවේ වැනි ප්‍රෙදේශවල ඉතා හොදින් කංසා(ගංජා) ශාකය වැවේ.මෙයය අපරටේ කව්රුත් දන්නා කරුණක්.ආරක්ෂක අංශද මෙම ප්‍රෙදේශවල සිදුකරන වැටලීම් වලින් ඉතා විශාල ගංජා තොග අත්අඩංගුවට ගන්නා නිසා මෙය ඔවුන්ටද රහසක් නොවේ.

මෙය මත්ද්‍රව්‍යක් ලෙස භාවිතා කරන නිසා ඒවා අත්අඩංගුවට ගැනීම රටට කරන යහපතකි.එසේම එය තහනම් ක්‍රියාවක් නිසා ද එසේ අත්අඩංගුවට ගැනීම සාධාරනය.නැත්නම් මතින් තොර යහපත් සමාජයක් ඇතිකිරීම කිසිසේත් සිදුකල නොහැක.

නමුත් ගැටළුව ඇත්තේ එතැන නොවේ.එසේ අත්අඩංගුවට ගන්නා කංසා තොග ගිනිතබා විනාශකිරීමයි.(එසේ නොකරන අවස්ථාද නැතුවාම නොවේ)

රජයට හැකියි ඒවා ආරක්ෂිතව ගබඩා කර තබා ගැනීමට.එසේම පසුව එසේ එකතුවූ තොගරාශියක් වෙනත් රටවලට අලෙවිකිරීමට හැකි නොවේද?
තවද සූරියවැව,තණමල් විල,ඇඹිලිපිටිය,උඩවලවේ වැනි ප්‍රෙදේශවල රජයේ මැදිහත් වීමෙන් මහාපරිමානයේ හේන් ඇතිකල හැකි නොවේද?එසේ අතිවිශාල වෙළද වටිනා කමක් ඇති භාණ්ඩයක් පහසුවෙන්  ටොන් ගනනින් නිශ්පාදනය කල හැකියි නේද?මෙයින් ලැබෙන විදේශ විනිමය ඩොලර් බිලියන ගනන් වලින් ලැබෙනවා නියතය. 

නමුත් බෞද්ධ රටකට මෙය ගැලපේද?

අන්න ලොකුම ගැටළුව.

එසේනම් කිසිම ගැටළුවකින් තොරව විදේශික ආයතන පවා ලංකාවේ පුත්තලම වැනි ප්‍රෙද්ශ වල මත් ද්‍රව්‍යයක් වන දුම්කොල වගා කරන්නේ කෙසේද?

තවද රජය යටතේ සියළුම කංසාහේන් වගා කලහොත් ලංකාවේ ගංජා ජාවාරමද සම්පූර්ණයෙන් දුරුකල හැක.එනම් නීති විරෝධී ලෙස රටතුළට මේවා ලැබෙන ඉඩ සම්පූර්ණයෙන් නතරවන හෙයිනි.

මේ අනුව මට නම් වැටහෙන්නේ ලංකාව සතුවියයුතු එසේම වේගයෙන් විදෙස් ණය බරින් නිදහස්විය හැකි හොදම න්‍යෂ්ථික වැඩපිළිවෙල මෙය බවයි.

2 comments:

  1. නියම ලිපියක්.

    ReplyDelete
  2. අසංක දේදුනුSeptember 14, 2012 at 3:08 AM

    අපේ රටේ ගොං හැතිකරේ වැඩක් කලොත් නැට්ටෙ ඉදල ගොම.දේස පාලුවො ඔක්කොටම එහා.ජනතාවට පට්ට ආතල්.

    ReplyDelete