Monday, November 5, 2012

පහ වසරේ විභාග කචල්

විභාග ප්රතිඵල
පහ වසරේ විභාගය ළමයින් ලියුවාට මේක දෙමව්පියන්ගේ විභාගයකි.දැනටමත් 2012 ශිෂ්‍යත්ව විභාගයේ ප්රස්න පත්රය කලින් පිටවු බවට සාක්ෂි එමටය.හැබැයි එසේකියන්නේ ළමයින් නොව දෙමව්පියන්ය.ඵසේ කියන්නේ දෙමව්පියන් හා ළමයින් කාපු චාටරේට ආණ්ඩුව වගකිවයුතු බව කියා හිත හදාගැනීමටය. ▃ ▅ ▆ ▇ ▆ ▅ ▃ ▂▂ ▃ ▅ ▆ ▇ ▆ ▅ ▃ ▂




ශිෂ්‍යත්ව පන්ති දෙමවපියන්ට නැතුවම බැරිය.(විශේෂයෙන් මව්වරැන්ට).හැබැයි ඒවාට සාධාරන හේතු ඇත.
*ස්වාමියාගෙන් හා නිවසින් නිදහස ලබාගැනීමට හැකිවීම.
*කයිවාරැ ගැසීමට ඇති හැකියාව.
*නවීන විලාසිතා එලිදැක්වීමට හැකිවීම.(රෙදි අඩුවෙන් භාවිතාකර.)
*අවශ්‍ය අයට වැඩිපඩි ලැබෙන රැකියාවක්ද සොයා ගතහැක.(හොරෙන්)
▃ ▅ ▆ ▇ ▆ ▅ ▃ ▂▂ ▃ ▅ ▆ ▇ ▆ ▅ ▃ ▂

විභාගය අවසන්වු වහාම ප්රශ්න පත්රය පරීක්ෂා කර බලන දෙමව්පියන් කියන්නේ එය කලින් පිටවී ඇති බවය.
එසේ කියන්නේ ඇයි?


*අනුමාන ප්රස්න පත්රවල අන්තර්ගතවු ප්රස්න එහි තිබීම.
*ළමයින් විසින් එම ප්රස්න කලින් පිළිතුරැ ලියා ඇති බව ප්රකාශකිරීම.
*බස්රථයේදී හෝ වෑන් රථයේ යාමේදී ළමයින් විසින්  එම ප්රස්න හුරැ පුරැදු ඵ්වා බව ප්රකාශ  කිරීම.(දුර බැහැර සිටිය නමුත් බොරැ පදිංචි ලිපිනයන් දමා ඇති බැවින් වාහන භාවිතා කරයි)
*එසේ විය හැකිබව දෙමව්පියන් තරයේ විශ්වාස කිරීම.▃ ▅ ▆ ▇ ▆ ▅ ▃ ▂▂ ▃ ▅ ▆ ▇ ▆ ▅ ▃ ▂
 
මෙවන් සිතුවිලි සමුදායක් සමස්ත සමාජය තුළ ඉතාම කෙටි කාලයකින් ලැව්ගින්නක් මෙන් පැතිරීයයි.
දැන් පැමිනෙන්නේ පත්තර වාර්තා කරැවන්ගේ වාරයයි.ගින්දර වගේ ලිපියක් ලියාගත්තොත් පත්තරය ගොඩය.හැමදෙනාගේම බලාපොරොත්තුව වැඩියෙන්ම ආකර්ෂණය ගතහැකි ලිපිය ලිවීමටයි. ආකර්ෂණය ගතහැකි ලිපියක් වීමට සත්‍යකරැණුම අවශ්‍යනොවේ.(ඵ් ලංකාව් හැටිය) පත්තරයට අනුව විභාග වංචා යනුවෙන් නව මාතෘකාවක් නිර්මානය කරනු ලබයි.දැන් ආදර්ශ පාඨයක්ද ඇත.දෙමව්පියන් හිතූ හිතූ දෑ ගිරවුන් මෙන් කියාදමයි.දැන් නම් පත්තර ගොඩය.(මාධ්‍ය නිදහස කියා දෙයක් තිබෙන නමුත් නිදහස් මාධ්‍ය කියා දෙයක් නොමැති බව මතක තබා ගතයුතුය.)

මීළගට විපක්ෂය වැඩ පටන්ගනී.බැනීමේ කෙලවරක් නැත.සමහරැ න්‍යායාත්මකව බනී.සමහරැ කුණුහරපද නොකියා කියයි.(ඔවුන්ද මේ දේශපාලන මඩගොහොරැවට වැටීඇත්තේ සියලු විභාග පේfල් වීම නිසා කේන්ති යාමේ සාධාරණයක්ද ඇත)ඔවුන්ට අනුව ආණ්ඩුව ගෙදර යායුතුය.අඩුම තරමේ අධ්‍යාපන ඇමතිහෝ ගෙදර යායුතුය.(දාන්න කෙනෙක් ඉන්නවද?)

අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂන ඇරඹෙන්නේ මෙතැන් සිටය.මේවානම් තනිකරම උසිගැන්වීම්ය.එක් අතකට ප්රස්න පත්රය කලින් පිටවුනේනම් වාසිය ද දරැවන්ටය.ඵවිට ලකුණු ලෙහෙසියෙන්ම ලබා හොද පාසලකට යාමට හෝ දෙමව්පියන් සතුටු කිරීමට හැකියි නේද?එනම් තාර්කිකව බලන විට උද්ඝෝෂණය කරන්නේ එය කලින් පිට නොවූ නිසා නොවේද?

දක්ෂ ගුරැවරැන්ට මේ කතිකා ගොම්පාට්ය.වසර ගනනාවක් තිස්සේ මෙම විභාග ප්රස්න අධ්‍යනය කරන ගුරැවරයා අනුමාන ප්රස්න සාදයි.ඵබැවින් ඵහිඇති ප්රස්නයක් හෝ කීපයක් විභාග ප්රස්න වල අන්තර් ගතවීතිබීම පුදුමයක්ද?අපේ මිනිසුන්ගේ මෝඩකමක මහත.

වැලේ වැල් නැතිව සිටි ගුරැවරැද දැන් වැඩ පටන්ගනී.ඔවුන් කියන්නේ තමාට කලින් පේපර් එක ලැබුනු බවය. අධ්‍යාපන අමාත්‍යාංශය තුළ තමාට හිතවත් කම් ඇති බවය.(ටියුෂන් එක පේfමස් කර ගැනීමට ගහන පම්පෝරි)දැන් ඇවිලෙන ගින්නට පුලුන් ද දමා ඇත.

සමහර ගුරැවරැ විභාගයට කලින් දින රැය පහන්වන තුරැ පන්ති පවත්වා ඇත.ඒ ළමයින්ගැන හිතලාය.අවට ජනයා සිතන්නේ නිසැකවම කලින් පේපර් එක ලැබීඇති බවත් මේ ලහිලහියේ සාකච්ඡා කරන්නේ එනිසා බවත්ය.දැන් කටකතා වලට තටු ලැබී දසත විහිදී යයි.(ආණ්ඩුව පව්)

දැන්නම් සිරාවටම සමාජ ප්රස්නයක් නිර්මාණය වී හමාරය.මේ වන විට මේ සම්බන්ධව සෙවීමට  C i D එකට භාරදීලාය.(දැන් පොලීසිය පව්).

මේඅනුව 5 හේ ශිෂ්‍යත්වය තියන්නේ ආණ්ඩුවේ මෝඩ කම නිසාය. දෙමව්පියන්ගේ මුදල් හා කාලය නාස්ති කිරීම උදෙසාය. ටියුෂන් ගුරැ හොරැ ධනවත් කිරීම සදහාය.පත්තර වලට නිව්ස් ලබාගැනීම උදෙසාය.
අහිංසක පුංචි පැටව් ට්කක් විභාගයෙනුත් මානසිකවත් පේfල් කර දැමීම සදහාය. . ▃ ▅ ▆ ▇ ▆ ▅ ▃ ▂▂ ▃ ▅ ▆ ▇ ▆

No comments:

Post a Comment