Monday, April 22, 2013

සූරා කෑම (exploitation)



 නූතනයේ බොහෝ දේශපාලන කථිකයන් මෙම මාතෘකාව ඒ මේ අත දෝලනය කරමින් මැතිවරණ වේදිකාවන් තුළ පෙරලි කරන අයුරැ විද්‍යාමාන වේ කියන්නා මෙන්ම අසන්නාද අරැතක් නොදන්නාමුත් ඡන්ද මවන වචනයක් බවට මෙය බොහෝ සේවයක් කර ඇතිබව පැවසිය යුතුමය

සූරා කෑම පිළිබද පැහැදිලි විස්තරයක් කාල් මාක්ස් පවසයි.අහේනියට හේතුව සූරා කෑම බව මාක්ස් කියයි.සූරා





කෑම ක්‍රම දෙකක් ඔස්සේ මාක්ස් විස්තර කරයි.
1.අතිරික්ත ශ්‍රම වටිනාකම.
2.අතිරික්ත ශ්‍රම කාලය.


                     

මේ අනුව ශ්‍රමය සම්බන්ධයෙන් ගෙවනු ලබන වටිනාකම නියමිත ප්‍රමාණයට වඩා අයකර ගැනීමෙන් පළමු ක්‍රමයේ සූරා කෑම සිදු කරනු ලබයි.
•●●•٠·˙˙·٠•●●•٠·˙˙·٠•●●•٠·˙˙·٠•●●•٠·˙˙·٠•●●•
වැඩ කරන කාලය තුළ තම වැටුපට සමානව සේවයක් කර තිබියදීත් මුදල් නොලබා වැඩිදුර සේවයේ යොදවා ගැනීම තුළ ශ්‍රම කාලය සූරාකනු ලබයි.පහත සරළ උදාහරණ ආශ්‍රෙයන් එය පැහැදිළි කර ගනිමු.


      



& නම් කර්මාන්ත ශාලාවේ @ නම් භාණ්ඩයක් නිෂ්පාදනය කරයි.
@ නම් භාණ්ඩය නිෂ්පාදනය පිළිබද පහත ප්‍රකාශයන් සලකා බලමු.



  • වැය වන අමුදව්‍ය වල වටිනාකම  රු 10 යි.
  • එය නිම කිරීමට ශ්‍රමය වෙනුවෙන් ගෙවන මුදල රු 10 යි.
  • භාණ්ඩයේ සම්පුර්ණ වටිනාකම රු 20 යි (නිමකල පසු සත්‍ය වටිනාකම)
  • භාණ්ඩය වෙළදපල තුළ විකුනන මිළ රු 30 යි.
  • භාණ්ඩය සදහා ලැබෙන ලාභය රු 10 යි.
 
මේ අනුව බලන විටදී ශ්‍රමිකයා තම ශමය යොදවමින් නිශ්පාදනය කරන එක් භාණ්ඩයක් තුළින් රුපියල් 10 ක ලාභයක් කර්මාන්ත ශාලා හිමියා උපයයි.එම මුදලද ශ්‍රමයට ලැබිය යුතු වටිනාකමක් ලෙස මාක්ස් වාදීන් අර්ථකථනය කරයි.
•●●•٠·˙˙·٠•●●•٠·˙˙·٠•●●•٠·˙˙·٠•●●•٠·˙˙·٠•●●•
එම නිසා එහි ලාභය වන රුපියල් 10 ක මුදල ශ්‍රමිකයා වෙතින් කර්මාන්ත ශාලා හිමියා (ධනපතියා) සූරා කනු ලබයි.

& නම් කර්මාන්ත ශාලාවේ ශ්‍රමිකයන් පහත පරිදි සේවය කරයි.
ü   දිනකට වැඩ කරන පැය ගනන පැය 8 යි.
ü   එක් පැයකදී නිශ්පාදනය කරන භාණ්ඩ ගනන 1 යි.
ü   දිනකට නිපදවන භාණ්ඩ ගනන 8 යි.
ü   දිනකට ලබන වැටුප රුපියල් 10 යි. 



මේ අනුව මෙහි ශ්‍රමිකයෙක් තමා සේවය කරන පළමු පැය තුළ දී රුපියල් 10 ක ලාභයක් ලබන එක් භාණ්ඩයක් නිපදවයි.
•●●•٠·˙˙·٠•●●•٠·˙˙·٠•●●•٠·˙˙·٠•●●•٠·˙˙·٠•●●•
එබැවින් එය ඔහුගේ දිනක වැටුපට සමානයි.එබැවින් මෙහි කම් කරුවෙක් දිනක ලළමු පැයේදීම තම වැටුප උපයා තිබියදීත් අතිරික්තව පැය 7 ක් නොමිළේ සේවය කරයි.එබැවින් එම පැය 7 ම සූරාකන ලද කාලය ලෙස අර්ථ දැක්විය හැකිය.


මෙම සූරා කෑමේ ප්‍රමාණය එන්න එන්නම වැඩිවන විටදී ධනපතීන්ට එරෙහිව නිර්ධනයින් නැගී සිටීමේ ඓතිහාසික අවස්ථාව එළැඹෙන බවත් එය මේ ක්‍රියා දාමයේ උච්චතම අවස්ථාව වන බවත් එසේම එම ක්‍රියාවලිය මාක්ස් වාදය තුළ මුලික හරය වන විප්ලවය ලෙස ගෙනහැර දක්වා ඇත.


ලංකාව වැනි රටක් තුළ කිසිම අයුරකින් විප්ලවයක් ඇතිවීම සිහිනෙකුදු සිදු නොවන තත්ත්වයට පත්ව ඇත.
•●●•٠·˙˙·٠•●●•٠·˙˙·٠•●●•٠·˙˙·٠•●●•٠·˙˙·٠•●●•
එනම් කාරණා දෙකක් ප්‍රධාන ලෙස එයට ඇති මාර්ගය අහුරාලන හෙයිනි.


1.ලංකාව තුළ එවන් නිර්ධනයින් සිටියත් ඔවුන්ට සංවිධානය වීමට ශක්තියක් ,දැක්මක් නොමැති වීම.(ඉඩ නොදීම)
2.කම්කරුවා තමාව ධනපතීන් විසින් සුරාකනු ලබන බව අවබෝධ කරගැනීමට වත් ශක්තියක් ,දැක්මක් නොමැති වීම.(අනවබෝධය)
යන මේ කාරණා තුළ එම තත්ත්වය නිර්මණය වී ඇතිබව කිව හැකිය.




No comments:

Post a Comment