Monday, April 22, 2013

යේසු තුමාගේ ජීවන තොරතුරු.



යේසු තුමා
 යේසුස් වහන්සේ පලස්තීනයේ උතුරැ පෙදෙසේ නසරෙත්
(Nazareth) නම් ග්‍රාමයේ විසූ යුදෙව් පවුලක දරවකු බවත් මව මරියා නම් කාන්තාවක බවත් කියවේ මේ දෙදෙනාම ඩේවිඩ් රජතුමා අයත් රජ පෙළපතට නෑ
 කම් කියයි එවකට ගලීල



ප්‍රදේශයේ පාලකයාව සිටියේ අර්ධ යුදෙව්වෙකු වූ හෙරොද්
(Herod) රජතුමාය.


ඔහු රෝම අධිරාජ්‍යයාගේ යටත් පාළකයෙක් විය.එවකට පලස්තීනයත් වර්තමාන සිරියාවත් රෝම අධිරාජ්‍යයට යටත්ව තිබුණි.ජෙරුසෙලම ප්‍රධාන නගරය වූ යුදා දේශය රෝම ආණ්ඩුකාරවරයෙකු ගේ පාලනය යටතේ පැවතිනි.




ගලීල මුහුද අසල කදු අතරේ පිහිටි නසරෙත් නම් ගමේ ජනයාට සංගනනයක් සදහා බෙත්ලෙහෙම් නුවරට ඒමට සිදුවිය.එසේ ආ ජෝශප් හා මරියා යන යුවලට රාත්‍රී නවාතැන් ගැනීමට සිදුවූයේ ගව ලෙනකයි. ගැබිනිව සිටි මරිය තුමී එදා රෑ එහිදී යේසු බිළිදා ප්‍රසූත කලාය. රෑ අහසේ ඉතා දීප්තිමත් රුවක් පායා ‍මෙම උපත ලොවට ප්‍රකාශ වූ බැවින් ඒ සලකුණ ඔස්සේ ගව ලෙනට පැමිණි පෙරදිග ප්‍රඥාවන්තයන් තිදෙනෙකුගෙන් (Magis ) යේසු බිළිදා ප්‍රථමයෙන් නමස් කාරය ලැබූ බව ප්‍රකාශිතයි.


යේසු තුමා කුඩා කාලයේදී නසරෙත් නම් ධර්ම ශාලාවේ ඉගෙනීම ලැබීය.එසේම තම ගම්වැසි ඥාතීන් මෙන් සබත් දින වල එහි ආගමික කටයුතුවලට හවුල් විය.උන්වහන්සේ විශේෂ උත්සව අවස්ථා වල ජෙරුසෙලමේ දේව මාලිගාවට ගොස් නැමැදුම් වල යෙදුනු බව ප්‍රකාශිතයි.

උන් වහන්සේ දොළොස් හැවිරිදිව සිටියදී දෙමව් පියන් සමග පාස්කු උත්සවය සදහා ජෙරුසෙලමට ගොස් දේව මාළිගාවේ පඩිවරුන් මැද වැඩ හිද ඔවුන්ගේ දේශනා අසමින්ද , ඔවුන්ගෙන් ප්‍රශ්න විචාරමින් ද සිටිබව සදහන්.

උන් වහන්සේ අවුරුදු 30 ක් පමණ වයස් වන තුරු වඩුවැඩ කරමින්ද ,ඔලිව් වගාව හා බැටළුවන් ඇතිකිරීම ප්‍රධාන ගොවිතැන් ආදිය කරමින් ද තම ගමේ ජීවත් වුහ.ඔලිව් ගස ,බැටලුවන් ,එඩේරුන්,ධාන්‍ය වැපිරීම,අස්වනු නෙලීම පිළිබද උපමා ඇතුළු සදහන් (references) රුසක් එතුමාගේ ධර්මය තුළ දක්නට ලැබෙන්නේ එම එම අත් දැකීම් නිසා බව කිව හැකිය.යටකී අවුරුදු 30 අප්‍රසිද්ධියේ ගතවූ බැව් පෙනේ.

එයින් වසර හතක පමණ කාලයක් උන් වහන්සේ ටිබෙට් දේශයේ හා ඉන්දියාවේ ගතකළේ යැයිද මතයක් පවතී.එවකට මැද පෙරදිග සිට ඉන්දියාවට ආ තවලම් කරුවන් සමග එසේ පැමිණියා වන්නටද පුළුවන. කෙසේ වෙතත් උන් වහන්සේ තම මෙහෙය ආරම්භ කළේ වයස 30 ක් පමණ ගතවූ පසුයි.

ඒ සමයේ ධර්ම ශාලා වලද ,එළිමහන් ස්ථාන  වලද දේශනා කරමින් තැනින් තැන ගිය යේසු තුමාට නොයෙක් තරාතිරම් වලට අයත් ශ්‍රාවකයන් 12 දෙනෙත් වූහ.


යේසු තුමාගේ ආගම තුළ අනිවාර්යය විනිශ්චය (Imminence of judgement) සහ නිශ්ක්‍රමණය (renunciation) පිළිබද පණිවිඩයත් සමග ක්ෂමාව භජනය (Forgiveness) සහ ඉෂ්ඨාර්ථ ස්ද්ධිය (Fulfilment) පිළිබද අවධාරණයන් දක්නට ලැබේ.

1 comment:

  1. then what is this .......http://www.scribd.com/doc/176871584/

    ReplyDelete